ප්‍රාදේශීය මට්ටමේ සිටම බොහෝ දෙනෙක් දේශපාලනයට එන්නේ කොන්ත්‍රාත් සඳහා – මෛත්‍රීපාල සිරිසේන

ආණ්ඩුව අදටත් පාලනය කරනුයේ පොහොට්ටුවේ නායකයන්; බහුතර බලයක් සහිත පිරිස් සර්වපාක්ෂික ආණ්ඩුවකට විරුද්ධයි - මෛත්‍රීපාල

ආණ්ඩුව අදටත් පාලනය කරනුයේ පොහොට්ටුවේ නායකයන්; බහුතර බලයක් සහිත පිරිස් සර්වපාක්ෂික ආණ්ඩුවකට විරුද්ධයි - මෛත්‍රීපාල

වර්තමානයේ මෙරට දේශපාලනය කරන අයගෙන් බොහෝ දෙනෙක් ප්‍රාදේශීය මට්ටමේ සිටම දේශපාලනයට එන්නේ ගල්, වැලි, පස් සහ කොන්ත්‍රාත් සඳහා බව හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

විවිධ පක්‍ෂවල බලය පැවති ප්‍රාදේශීය සභා කිහිපයක් පසුගිය කාලයේ ඇද වැටුණේත් කොන්ත්‍රාත් නිසා ඇතිවූ ප්‍රශ්න හේතුවෙන් බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ හිටපු අග්‍රාමාත්‍යවරයකු සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු මහලේකම්වරයකු වූ දිවංගත රත්නසිරි වික්‍රමනායක මහතාගේ 5 වන ගුණ සැමරුම නිමිත්තෙන් එම පක්‍ෂ මූලස්ථානයේදී (27) පැවති උළෙලට සහභාගී වෙමිනි.

එදා සිට එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක ඩී.ඇස් සේනානායක, ඩඩ්ලි සේනානායක, ටී.බී ඉලංගරත්න, ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක,ලලිත් ඇතුලත්මුදලි, ස්ටැන්ලි තිලකරත්න, ආචාර්ය ඇන්.ඇම් පෙරේරා, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, පීටර් කෙනමන්, හෙක්ටර් කොබ්බෑකඩුව, රත්නසිරි වික්‍රමනායක වැනි ශ්‍රේෂ්ඨ චරිත වත්මන් දේශපාලනයේ නොමැතිවීමේ ප්‍රතිඵලය අපේ රට වැටී ඇති තැනයැයි ද හිටපු ජනාධිපතිවරයා කීවේය.

එවැනි චරිත සියයකට වඩා වර්තමානයේදී රටට අවශ්‍ය බව කී මෛත්‍රීපාල සිරිසේන මහතා එම නායකයන්ගේ චරිත වත්මන් දේශපාලකයන් ආදර්ශයට ගත යුතු යැයි ද සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *