විද්‍යාත්මක ක්‍රමයකට අනුව පත් කළ ලේකම්වරු, ආයතන ප්‍රධානීන් බහුතරයක් අසාර්ථකයි – ජනපති

උන්හිටි තැන් අහිමි මැතිඇමතිවරුන්ට තාවකාලිකව නිවාස සහ අමතර ආරක්ෂකයන් හයදෙනකු - ජනපති නිලධාරීන්ට උපදෙස්

උන්හිටි තැන් අහිමි මැතිඇමතිවරුන්ට තාවකාලිකව නිවාස සහ අමතර ආරක්ෂකයන් හයදෙනකු - ජනපති නිලධාරීන්ට උපදෙස්

(27) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී පුවත්පත් කතුවරුන් හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා කියා ඇත්තේ කොරෝනා හමුවෙහි පසුබෑම් ඇතිවුවත් ඉදිරි වසර 3 ඇතුළත සියලු පොරොන්දු ඉටු කරන බවයි.

තමන් ජනාධිපති ධුරයට පත්වී මාසයක් ගතවනවිට කොරෝනා වසංගතය පැමිණීම නිසා ජනතාවට පොරොන්දු වූ සියලු දේ ඒ ආකාරයෙන්ම ඉටු කිරීමට නොහැකි විය. ජනාධිපති ධුරයට පත්වූයේ රටේ පැවැති ආර්ථිකය පිළිබඳ මනා අවබෝධයකින් යුතුවය. කොරෝනා සමස්ත ලෝකය අපේක්ෂා නොකළ තත්ත්වයක් වුවත් දියුණු රටවලට ඊට මුහුණදීමට හැකිවූයේ ඔවුන්ගේ ආර්ථික ශක්තිය නිසාය.

දැන් ඇත්තේ තමන් හා තවත් පිරිසක් අතර සටනක් නොව රට වෙනුවෙන් කරන සටනකි. කෙසේ වෙතත් මෙම අවස්ථාවේදී ආණ්ඩුවේම ඇතැමුන්ගේ පූර්ණ සහාය ඊට නොලැබීම කනගාටුවට කාරණයකි. විශේෂයෙන්ම කෘෂිකර්ම වැඩසටහන සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහාය ලැබුණේ නැත.

කාබනික ගොවිතැන සඳහා ගොවියා මානසිකව සූදානම් කිරීමට නිලධාරීන් කටයුතු කළේ නැත.

ඇමැතිවරුන් පවා එකිනෙකාට චෝදනා කර ගන්නා තත්ත්වයක් මත ආණ්ඩුවේ වැඩපිළිවෙළ නියාමාකාරයෙන් ජනතාව අතරට යෑම අඩපණ වී තිබේ.

එක් ඇමැතිවරයකු හෝ නිලධාරියකු එල්ල කරන විවේචන – තමන්ගේ දුර්වලකම් වසා ගැනීමට ගැලරියට කරන ප්‍රකාශ ලෙසද සැලකිය හැකිය. ආණ්ඩුවේ කවුරුත් සාමූහික වගකීමෙන් කටයුතු කරන්න ඕනෑ. මට පුරුදු සාමූහිකව කටයුතු කරලා. මෙහෙයුමකට යන්න සැලසුම් කරන කොට අපි අතර නොයෙක් මත තියෙනවා. නමුත් ක්‍රියාන්විතයට ගියහම එකාවගේ සටනක් කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක එහෙම මතවාද තියෙන්න පුළුවන්. නමුත් වැඩ කරනකොට අරයගේ තීරණය… මෙයා වගකියන්න ඕනෑ… කිය කියා.. වගකීම් මග හරින්න බෑ. මට පුරුදු සාමූහිකත්වය ඒකයි.

අමාත්‍යාංශ ලේකම්වරුන් හා ආයතන ප්‍රධානීන් පත් කිරීමේදී විෂය පිළිබඳ උගතුන් පත් කිරීමේ ක්‍රමයේ වෙනසක් වූයේ නම් තත්ත්වය වඩා යහපත් වීමට ඉඩ තිබුණා.

මා පත් කළ ඇතැම් නිලධාරීන්ට දැනුම හා හැකියාව තිබුණද ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයේදී කිසියම් දුරස්බවක් පෙන්නුම් කරනවා.

අගමැතිවරයාගෙන් හෝ ඇමැතිවරුන්ගෙන් නොවිමසා විද්‍යාත්මක ක්‍රමයකට අනුව පත් කළ ලේකම්වරු, ආයතන ප්‍රධානීන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගෙන් බහුතරය අසාර්ථක බව මා ද පිළිගන්නවා.

‘‘කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ලෙස හිටපු හමුදා නිලධාරියකු පත් කළා. ඊට විෂය භාර ඇමැතිවරයා කැමැත්තක් තිබුණේ නැහැ. මම ඔහුට දැනුම් දුන්නා සුදුසු කෙනෙක් පත්කර ගන්න කියලා. ඇමැතිවරයා මහාචාර්ය උදිත් ජයසිංහ පත් කළා. නමුත් මහාචාර්යවරයාත් අසාර්ථක වුණා’’

මේ සටන පොදු සටනක් ලෙස කල්පනා කළ යුතුයි. මට තවත් වසර තුනක කාලයක් ඇති අතර මැති ඇමැතිවරුන්ට වසර තුනහමාරක කාලයක් තිබේ. මෙම කාලය ඇතුළත ජනතා අපේක්ෂා ඉටු කිරීමට හැකියාව තිබේ’’ යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවැසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *