යාපනයේ අලුත්ම පිළිම සොරකම – දින 4 ක් තුළ ස්ථාන 9 ක පිල්ලෙයාර් පිළිම සොරකම් කරයි

යාපනයේ දින 4 ක් තුළ ස්ථාන 9 ක‍ පිල්ලෙයාර් පිළිම සොරකම් කිරීමේ සිදුවීම් මහජනතාව තුළ විමතියක් ඇති කර තිබේ.

මෙම තත්ත්වය මත යාපනයේ අඛණ්‌ඩව සිදු වන පිල්ලෙයාර් පිළිම සොරකම් සම්බන්ධයෙන් සොයා බැලීමට පොලිස් කණ්ඩායමක් පිහිටුවා පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතී.

අදාළ පොලිස් කණ්ඩායම ඊයේ දින “සොරකම් කළ පුද්ගලයින්ව හඳුනාගෙන ඇත.”

ඒ අනුව කන්කසන්තුරේ “නල්ලිනක්කපුරම්” ප්‍රදේශයේ වාසය කරන කණ්ඩායමක් (ගජිබන් සුසෙයිරාජ්) පිල්ලෙයාර් පිළිම සොරකම් කර “කොළඹ, ආමර් වීදියේ” වෙළඳසැලක් පවත්වාගෙන යන කෙනෙකුට විකිණීම පිළිබඳ මේ වන විට සොයා ගෙන ඇත.

අදාළ සොරකම් පිළිබඳ විමර්ශනය කරමින් සිටින “විශේෂ පොලිස් කණ්ඩායම” මේ වන විට ආමර් වීදියේ ව්‍යාපාරිකයාව අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.

දැනට පිළිම 2 ක් පොලීසිය විසින් සොයාගෙන ඇති අතර අනෙකුත් පිළිම රු. 350,000 කට පමණ විකුණා ඇති බව ද හෙළිදරව් වී ඇත.

එමෙන්ම කොළඹ ව්‍යාපාරිකයා විසින් එම පිල්ලෙයාර් පිළිමවලින් ගෙන ගොස් විකුණා ඇති පිළිම සොයා ගැනීමට අවශ්‍ය පියවර පොලීසිය විසින් ගෙන තිබේ.

අපගේ කලාත්මක සංස්‌කෘතික වටිනාකම් ආරක්ෂා කර ගැනීමේ වගකීම අප සැමගේ යුතුකමකි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *