කොරොනා නිසා ශ්‍රී ලංකාවේ ළමා සහ තරුණ පරපුර මුහුණ දෙන ගැටලු උග්‍ර වෙලා – UNICEF

කොරොනා නිසා ශ්‍රී ලංකාවේ ළමා සහ තරුණ පරපුර මුහුණ දෙන ගැටලු උග්‍ර වෙලා - UNICEF

කොරොනා නිසා ශ්‍රී ලංකාවේ ළමා සහ තරුණ පරපුර මුහුණ දෙන ගැටලු උග්‍ර වෙලා - UNICEF

කොවිඩ් වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ළමා සහ තරුණ පරපුර මුහුණ දෙන ගැටලු උග්‍ර වී ඇතැයි යුනිසෙෆ් සංවිධානය පවසයි.

වයිරසය හේතුවෙන් ළමයින්ට සහ තරුණයින්ට ඇතිවූයේ සුළු බලපෑමක් වුවත්, කොවිඩ් වසංගතය නිසා ඇතිවූ විරැකියාව හරහා පවුල්වලට ආදායම් මාර්ග අහිමිවීම, අධ්‍යාපනය කඩාකප්පල්වීම, සූරාකෑමට සහ අපයෝජනයන්ට නිරාවරණයවීම සහ වෙනත් කාරණා හරහා ඔවුන් වැඩි වශයෙන් පීඩාවට ලක්ව ඇතැයි එම සංවිධානය සඳහන් කරයි.

කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් ළමයින්ට හා තරුණයන්ට ඇතිවන බලපෑම සම්බන්ධයෙන් වයස අවුරුදු 16 සිට තරුණ අවදිය දක්වා වයස්වල පසුවන්නන් 3,000කට ආසන්න පිරිසක් සමඟ සම්බන්ධ කරගනිමින් යුනිසෙෆ් සංවිධානය සිදුකළ සමීක්‍ෂණයකදී මේ බව හෙළි වී ඇත.

යුනිසෙෆ් සංවිධානයේ 75 වන සංවත්සරය වෙනුවෙන් ‘සෑම දරුවෙකුගේම අනාගතය ගැන නැවත සිතමු‘ යන මැයෙන් කොළඹ දී ඉකුත් දා පැවැත්වූ විද්වත් කථිකාවකදී මෙම කරුණු සඳහන් කෙරිණි.
එම සංවිධානය මගින් පැවැත්වූ සංවාද සඳහා සම්බන්ධ වූ ළමුන් හා තරුණයන්ගෙන් තිදෙනෙක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

එමෙන්ම අධ්‍යාපනය සඳහා තාක්ෂණය සහ ඩිජිටල් මෙවලම් නොමැතිකම හේතුවෙන් අධ්‍යාපනය අතහැර දැමීමේ සහ දරුවන් කොන් වීමේ අවදානමක් පවතින බවත්, ආහාර හිඟය හේතුවෙන් ද ඔවුන්ට ගැටලු ඇතිවන බවත් යුනිසෙෆ් සංවිධානය සඳහන් කරයි.

මඩකලපුවේ පදිංචි 20 හැවිරිදි ජාතුජන් මහේන්ද්‍රන්, කොළඹ පදිංචි 17 හැවිරිදි යුම්නා ශහීඩ්, රත්නපුර පදිංචි 20 හැවිරිදි භාග්‍යා අබේරත්න යන තරුණ තරුණියන් මෙහිදී අදහස් දැක්වූහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *