අප්‍රේල් වනවිට කොරෝනා තුරන්ව යනු ඇතැයි විශ්වාස කරනවා – වෛද්‍ය අන්වර් හම්දානි

ජූලි මාසයේ කොරෝනා මරණ 30ක්; ජනතාව සෞඛ්‍ය නීති පිළිපදිමින් පරිස්සම්කාරී ලෙස කටයුතු කළ යුතුයි - වෛද්‍ය අන්වර් හම්දානි

ජූලි මාසයේ කොරෝනා මරණ 30ක්; ජනතාව සෞඛ්‍ය නීති පිළිපදිමින් පරිස්සම්කාරී ලෙස කටයුතු කළ යුතුයි - වෛද්‍ය අන්වර් හම්දානි

කොරෝනා වසංගත තත්ත්වය ලබන වසරේ මාතු අප්‍රේල් වන විට තුරන්ව යනු ඇතැයි විශ්වාස කරන බව කොවිච් සම්බන්ධීකාරක සෞඛ්‍ය අමාත්‍යංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය.

මේ අතර කොවිඩ් ආසාදිතයන් වාර්තාවීම පසුගිය සතියට සාපේක්ෂව මේ සතියේදී සියයට 1.7 කින්ද මරණ සංඛ්‍යාව සියයට 10 කින්ද පහළ බැස ඇතැයි හෙතෙම සඳහන් කළේය. එන්නත්කරණයේ සාර්ථකත්වය නිසා මෙම සුබ ප්‍රතිඵල ලැබී ඇති බව සඳහන් කළ වෛද්‍යවරයා තෙවැනි එන්නත් මාත්‍රාව ගැනීමට ජනතාව වැඩි වැඩියෙන් උනන්දු විය යුතු බවද ප්‍රකාශ කළේය. උත්සව සමයේදී ජනතාව බොහොම කල්පනාකාරීව කටයුතු කරමින් මූලික සෞඛ්‍ය නීති දිගටම අනුගමනය කළ යුතු බව පැවසු අන්වර් හම්දානි මහතා එසේ කටයුතු නොකළහොත් අවදානම් තත්වයන් යළි මතුවිය හැකි බවද පෙන්වා දුන්නේය.

විශේෂයෙන්ම උත්සව සමයේදී සාප්පු සවාරි යන්නේන්නම් එම ස්ථානවලදී සෞඛ්‍ය නීති හරියාකාරව පිළිපැදිය යුතු බවත් මේ අවස්ථාවේදී වඩා වැදගත් වන්නේ ගමන් බිමන් හැකිතාක් සීමා කිරීම බවත් ඔහු කීවේය. පොදුවේ රටපුරා ජනතාව සෞඛ්‍ය නීති පිළිපදින ආකාරය ගැන කිසිසේත්ම සතුටු විය නොහැකි බව පැවසූ අධ්‍යක්ෂවරයා සමහරුන් මුව ආවරණ පවා නොමැතිව ගමන් කරන අයුරු දකින්නට ලැබෙන බවද සඳහන් කළේය.

රටපුරා හෝටල් දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරී ගොස් ඇති හෙයින් ඒ ස්ථානවල ගත කිරීමේදී සෞඛ්‍ය නීති ගැන වඩාත් සැලකිලිමත් වන්නැයි ඉල්ලීමක් කරන බවද හම්දානි මහතා ප්‍රකාශ කළේය. මේ අතර මඩකළපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ කොවිඩ් මළ සිරුරු 3287ක් (21) වන විට භූමදානය කර ඇතැයි තාක්ෂණ සේවා අධ්‍යක්ෂවරයා කීවේය. එහි භූමදානය කර ඇති වැඩි පිරිසක් මුස්ලිම් ජාතිකයෝ වෙති. එම සංඛ්‍යාව 2805කි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *