බේකරි 3500ක් පමන වසා දමලා – එන්.කේ. ජයවර්ධන

මේ වන විට අප රටේ බේකරි 3500 ක් පමණ වසා දමා ඇති බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසීය.

වර්තමානයේ පවතින ගෑස් අර්බුදයට අමතරව පිටි මිල ඉහළ යාම, පිටි හිඟය සහ බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාම යන හේතූන් නිසා මෙලෙස බේකරි විශාල ප්‍රමාණයක් වසා දැමීමට සිදු වී ඇති බවට හෙතෙම පැවසීය.

මෙම ගැටළුවට කඩිනම් විසඳුමක් සොයා නොගතහොත් අනෙකුත් බේකරි ද වසා දැමීමට සිදු විය හැකි බව ඔහු තව දුරටත් ප්‍රකාශ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *