ඩුබායි පාලකයාගේ හිටපු බිරිඳට පවුම් මිලියන 554ක් ගෙවන ලෙසට බ්‍රිතාන්‍ය අධිකරණයෙන් නියෝගයක්

ඩුබායිහි පාලක ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල්-මක්ටූම්ට ඔහුගේ හිටපු බිරිඳ හයා බින්ට් අල්-හුසේන් කුමරිය සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනාට පවුම් මිලියන 554 (ඩොලර් මිලියන 733) මුදලක් ගෙවන ලෙස එක්සත් රාජධානියේ ලන්ඩන් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

ඩුබායිහි පාලක ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල්-මක්ටූම්ගේ හය වන බිරිඳ මෙලෙස අතිවිශාල වන්දි මුදලක් ලබා ගෙන ඇති අතර ඇය ජෝර්දානයේ හිටපු හුසේන් රජුගේ දියණියක වේ. 47 හැවිරිදි වියේ පසුවන හයා බින්ට් අල්-හුසේන් කුමරිය 2019 දී ඩුබායි සිට බ්‍රිතාන්‍යයට පලා ගියේ ඔවුන්ගේ දරුවන් වන 14 හැවිරිදි ජලීලා සහ 9 හැවිරිදි සයීඩ්ද රැගෙන ජීවිතය ගැන බියෙන් පසුවන බව පවසමිනි.

බ්‍රිතාන්‍ය නීති ඉතිහාසය තුල දික්කසාද නඩුවක් වෙනුවෙන් විශාලතම වන්දිය නියම කළ නඩුවක් ලෙසයි මෙය සඳහන් වන අතර මෙම තීන්දුව මගින් හයා කුමරියට පවුම් මිලියන ගණනක දේපල දෙකක් පවත්වාගෙන යාමේ පිරිවැය පියවා ගැනීම සඳහා මුදල් ලබා දී ඇති බවයි පැවසෙන්නේ.

එමෙන්ම ඇගේ 14 හැවිරිදි දියණියට සහ නව හැවිරිදි පුතුට වසරකට පවුම් මිලියන 5.6 බැගින් සුරක්ෂිත ගෙවීම්ද ප්‍රදානය කර තිබෙනවා. විනිසුරු පිලිප් මුවර් පැවසුවේ ජෝර්දානයේ අබ්දුල්ලා රජුගේ අර්ධ සහෝදරිය වන හයා බින්ට් අල් හුසේන් කුමරියට පිරිනමන මුදලින් වැඩි ප්‍රමාණයක් ෂෙයික් විසින්ම ඔවුන්ට එල්ල කරන “බරපතල අවදානමෙන්” ආරක්ෂා වීමට යොදවන බව ය. 2019 වසරේ සිට නඩත්තු නඩුව දිගටම විභාගවූ අතර (21)වන දින ඩුබායි හි පාලක ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්ට ඔහුගේ හිටපු බිරිඳට සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනාට පවුම් මිලියන 550 ක් පමණ ගෙවීමට නියෝග කර ඇත.

මෙම මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 150 ක් හෙවත් කෝටි 15,000කට අධික වේ. කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය අධිකරණය විසින් ඊයේ ලබා දුන් මෙම තීන්දුව ඩුබායි පාලකයා විසින් අභියෝගයට ලක්කරනු ඇතැයි වාර්තා පළවේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *