“ඉරාන – ඊශ්‍රායල යුද්ධය” ඊශ්‍රායල් හමුදා ලොක්කෝ පසුබට වෙයි.

මේ වන විට මැදපෙරදිග කලාපය තුල ඉරානය හා ඊශ්‍රායලය අතර යුද්ධයක් ඇති වේ යයි බියක් පැතිරෙමින් පවතින නමුත් මෙම ප්‍රචාරක ජාලය හුදු ආයුධ විකිණීම සඳහා ඉලක්ක කරගත් වැඩපිළිවෙලක් පමණක් බව ජාත්‍යන්තර විචාරකයින්ගේ මතයයි. මෙය වඩාත් තහවුරු වනුයේ Newyork Times පුවත් පතට  (18)වන දින අදහස් දක්වමින් ඊශ්‍රාල් හමුදාවේ ප්‍රධාන පෙලේ නිලධාරීන් පවසා ඇත්තේ ඊශ්‍රාලයට ඉරානය සමග යුද්ධ කිරීම සඳහා ශක්තියක් නොමැති බවයි. ඉරානය සමග යුධ වැදීම සඳහා ඇමරිකානු සහයක් අපේක්ෂා නොකළ හැකි බවත්, මැද පෙරදිග කලාපයේ අරාබි රාජ්‍යයයන් ගෙන්ද ඒ සඳහා සහයක් ලැබෙතැයි සිතිය නොහැකි බවත් බටහිර මාධ්‍යද පසුගිය දා වාර්තා කර සිටියහ.

2015 ඉරානය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර න්‍යෂ්ටික බලය අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් අත්සන් කරන ලද ගිවිසුමට දැඩි විරෝධයක් පාමින් එයින් ඇමරිකාව ඉවත් කරගනු ලැබුවේ ඊශ්‍රායලය විසිනි. මෙයින් සිදු වුයේ ගතවූ වසර 5 ඇතුලත ඉරානය තම යුරේනියම් සංවර්ධනය 60%ක් දක්වා වර්ධනය කර ගැනීමට සමත් වීමයි. ඉන් පසුව බයිඩන් රජය මේ ගිවිසුම නැවත බලාත්මක කර ගැනීම සඳහා යලි සාකච්ඡා ආරම්භ කරනු ලැබූ අතර ඉරානය ඒ සඳහා තම රටට එරෙහිව පනවා ඇති ආර්ථික හා වෙළඳ සම්බාධක ඉවත් කරන ලෙස ඇමරිකාවෙන් ඉල්ලා සිටිනු ලැබිණි. මෙම ඉල්ලීම එජා සංවිධානය විසින්ද පසුගිය දා ඇමරිකාවෙන් ඉල්ලා සිටිනු ලැබීය.

ඇමරිකාවේ මේ නව උත්සාහය තුල කබලෙන් ලිපට වැටී සිටින ඊශ්‍රායලය පසුගිය කාලය පුරාවටම මැද පෙරදිග සුන්නි භක්තික රටවල් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාරය, ඕමානය හා සෞදි අරාබිය සමග සාකච්ඡා ආරම්හ කරනු ලැබූ අතර ප්‍රථම වතාවට ඉරානය සමග වසර 22කට ආර්ථික හා යුධ ගිවිසුමක් අත්සන් කල චීන ජනාධිපතිවරයා සමගද දීර්ඝ සාකච්ඡාවක නිරත වුයේ තමන්ට එරෙහිව යුධ පෙරමුණු කීපයකින් ප්‍රතිප්‍රහාර එල්ලකිරීමට සුදානම් වන ඉරානය මෙල්ල කරගැනීමටය.

ඊශ්‍රායලය තම ඉතිහාසය පුරාවටම යුධ ජයග්‍රහණ ලබා ගනු ලැබුවේ අවට අරාබි රටවල ජනතාව අදහන ආගමික නිකායන්, භාෂාව වැනි කාරණා යොදාගනිමින් ඔවුන් අතර ගැටුම් ඇති කරමින්ය. මෙම උපක්‍රමය හොඳින් හඳුනාගෙන සිටින ඉරානය ලෙබනනය, ගාසා තීරය, ඉරාකය හා සිරියාව තුල සියළු ෂියා හා සුන්නි භක්තිකයන් හා ක්‍රිස්තියානි භක්තිකයින් පොදු හතුරාට එරෙහිව එක් පෙරමුණකට ගෙන ඒමට සමත් වී තිබීම හේතුවෙන් ඊශ්‍රායලය යුධ පෙරමුණු කීපයකින් මෙන්ම රාජතාන්ත්‍රික ලෙසද කොටු කිරීමට මේ වන විට ටෙහෙරානය සමත් වී ඇත. විශේෂයෙන් ලෙබනනය තුල ආගමික ගැටුම් ඇවිලවීමට ගන්නා ලද ප්‍රයත්නය ලප් තැනම ලොප් විය.

මෙම අර්බුධයේදී බටහිර හා ඇමරිකාව ඊශ්‍රායලයේ යුධ උන්මාදයට සහය දීමට මෙතෙක් ඍජුව ඉදිරිපත් වී නොමැත. එහිදී ප්‍රංශය ඉරාන බිල්ලා පෙන්වා සෞදි අරාබියට හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග ඩොලර් බිලියන 16ක යුධ යානා හා යුධ අවි ගිවිසුම් කීපයකට පසුගිය 3 වැනිදා අත්සන් තැබීය. ඉරානයේ න්‍යෂ්ටික බලාගාර පිහිටා තිබෙනුයේ කඳු ආශ්‍රිතව වන අතර එම කඳු බිඳ දැමීමට අවශ්‍ය සන්නායක මිසයිල ලබාදීම ඇමරිකාව මේ දක්වා ප්‍රතික්‍ෂේප කර ඇත.

එසේම ඉරානයේ සහය ලබන හිස්බුල්ලා හා හාමස් ගරිල්ලා සංවිධාන විසින් එල්ල කරන මිසයිල මගින් ආරක්ෂා වීමට අවශ්‍ය ආරක්ෂක පද්ධතිය සඳහා අනුමත වූ ඩොලර් බිලියනය තවමත් ඇමරිකන් කොංග්‍රසය හා සෙනට් සභාවෙන් අනුමත වී නොමැත. ඒ අතර ට්‍ර්ම්ප් පසුගිය 20 වැනිදා සමාජ මාධ්‍ය ඔස්සේ පැවසුවේ ඇමරිකාවේ යුදෙව්වන් ඉරානය සමග ගැටුමකදී ඊශ්‍රායලය ආරක්ෂා කිරීමට ඉදිරිපත් නොවන බවයි.

පසුගිය දෙසැම්බර් 5 වැනිදා ඉරානය විසින් Natanz ග්‍රාමයේ Chahid-Ahmadi-Rochan න්‍යෂ්ටික බලාගාරය අවට කලාපය තුල ගුවන් ප්‍රති ප්‍රහාරක මිසයිල අත්හදා බැලීමක් සිදුකර ඊශ්‍රාලය කුලප්පු කරනු ලැබීය. මේ වන විට ඉරානය සමග යුද්ධ කිරීමට කිසිදු පාර්ශවයක් තමන් හා එක්කර ගැනීමට ඊශ්‍රායලය අපෝසත් වී ඇත. ඒ අතරේ ඊශ්‍රායල හමුදාවේ ප්‍රධානීන් Newyork Times පුවත්පතට ඊයේ (20) පවසා සිටියේ ඉරානයේ න්‍යෂ්ටික බලාගාර විනාශ කිරීම සඳහා හෝ එම වැඩපිළිවෙල ප්‍රමාද කිරීමට අවශ්‍ය යුධ බලය ලබා ගැනීමට එරටට වසර දෙකක් වත් ගත වන බවයි. එවැනි යුධ මෙහෙයුමක් සඳහා ඉරානයේ අවි බලයට මුහුණ දියහැකි ප්‍රබල අවි වලින් සන්නද්ධ විය යුතු බවත් ඒ සඳහා ඇමරිකානු tanker වර්ගයේ යුධ යානා තමන් සතුව නොමැති බවත් ඊශ්‍රායල් ගුවන් හමුදාවේ Relik Shafir එහිදී පවසා සිටියේය.

Newyork Times පුවත්පත ඇසු තවත් ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් හමුදා නිලධාරීන් පවසා සිටියේ එවැනි යුධ යානා තමන්ට ඇමරිකාවෙන් ලබාදෙනු ලැබුවද ඊශ්‍රායලයේ සිට ඉරානය දක්වා යාමට හා ඒමට කිලෝ මීටර් 3000ක් දුරක් ඇති බවත් එය සිදුකල යුත්තේ අරාබි රටවල ගුවන් සීමාව තුල බවත් ඒ සඳහා එම රටවලින් අවසර නොලැබෙන බවත්, එම රජයන් ගෙන් අවසර ලැබුණත් ගමන වාර සඳහා යුධ යානා සඳහා අවශ්‍ය තෙල් ලබා ගැනීමේදී පවා එම රටවල ජනතාවගේ දැඩි විරෝධයකට මුහුණ දීමට තමන්ට සිදුවිය හැකි බවත්ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *