කෝටි 450ක් වංචා කළ මුල්‍ය සමාගම ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විමර්ශන

රාජ්‍ය සංස්ථා මණ්ඩලවල පාඩුව රුපියල් කෝටි ලක්ෂයක් - ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා

රාජ්‍ය සංස්ථා මණ්ඩලවල පාඩුව රුපියල් කෝටි ලක්ෂයක් - ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා

ආකර්ෂණීය පොලී අනුපාත ලබාදෙන බවට ජනතාව රවටමින් රුපියල් කෝටි 450ක පමණ මුදලක් වංචා කර ඇතැයි කියන බත්තරමුල්ල ප‍්‍රදේශයේ මූල්‍ය ආයතනයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. බත්තරමුල්ලේ සහ තවත් ප්‍රදේශ කිහිපයක ශාඛා පවත්වාගෙන යමින් සියයට 65 සහ 70 ආදී ඉතා ඉහළ පොලී අනුපාත ලබාදෙන බවට පවසමින් විවිධ පුද්ගලයන්ගෙන් තැත්පතු ලබාගෙන, වංචා කර ඇතැයි

තැත්පත්කරුවෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළහ. එම ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචියක් ලබාගෙන ඇතැයි ද සමාගම් මැදුරේ ලියාපදිංචියක් ලබාගෙන ව්‍යාපාර කටයුතු කරගෙන ගොස් ඇතැයි ද මහ බැංකුව කළ මූලික විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇත.

මේ පිළිබඳව අදහස් දැක්වූ මෙම වංචාවට ලක්ව සිටින තැත්පත්කරුවන්ගේ සුබසාධක එකමුතුවේ සභාපති ඩබ්.ජී.එම්. රුක්මල් මහතා ප්‍රකාශ කළේ, එම ආයතනයේ ලක්ෂ ගණන් මුදල් තැන්පත් කර ඇත්තේ විශ්‍රාමික හමුදා සාමාජිකයන් බවය. විශ්‍රාම ගිය විට ලැබෙන විශ්‍රාම පාරිතෝෂික, අර්ථසාධක ආදියෙහි මුදල් විශ්‍රාමික හමුදා සාමාජිකයන් එම ආයතනයේ තැන්පත් කර මේ වන විට අසරණව සිටින බවද රුක්මල් මහතා කීය. මුදල් තැන්පත් කළ විශ්‍රාමික හමුදා සාමාජිකයන් දෙදෙනක්කු මුදල් නොලැබීම පිළිබඳව ඇති වූ කම්පනයෙන් රෝගාතුරව මේ වන විට අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටින බවද හෙතෙම පැවැසීය.

මේ සම්බන්ධයෙන් පොලිසියේ පැමිණිලි කිරීමට සුදානම් වූ අවස්ථාවේ දී එසේ නොකරන ලෙසත්, ඉක්මනින් මුදල් ආපසු දෙන බව එහි හිමිකරු කී බැවිනුත්, මේ වන තුරු පොලිසියේ පැමිණිලි නොකළ නමුත්, ශ්‍රී ලංකා මහ බැංකුවට පැමිණිලි කළ බවද හෙතෙම කියා සිටියේය. කෙසේ වෙතත්, මේ පිළිබඳව අදාළ ආයතනයෙන් විමසීම සඳහා එහි දුරකතන අංකවලට කළ ඇමතුම්වලදී හෙළි වූයේ, මේ වන විට එම ආයතනයේ දුරකතන අංක භාවිතයේ නොමැති බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *