ඉන්ධන මිල වැඩි කරේ ඩොලර් බේරාගන්නයි – මහ බැංකුවේ අධිපති

යළිත් සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළට

යළිත් සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළට

මහ බැංකු අධිපතිවරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ ට්විටර් පණිවිඩක සඳහන් වූයේ, ඩොලර් අර්බුදය හමුවේ ඉන්ධන සහනාධාරය ලබා දීමට රටට නොහැකි වී ඇති බවත් සැපයුම පාලනය කිරීමෙන් ඉන්ධන සඳහා විදේශ විනිමය ගලා යාම අඩු වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසා ඇති බවත්ය.

ඒ අනුව ඉන්ධන මිල ඉහළ දැමීමෙන් ඩොලර් බේරාගන්නට හැකිව ඇතැයි ඔහු අදහස් කරයි.
ඉන්දියාව වැනි අසල්වැසි රටවල් පෙට්‍රල් ලීටරයකට ගෙවන මිලට ආසන්න අගයකට අපේ රටේ මිල ගණන් ළඟාවී ඇති බව ද මහබැංකු අධිපතිවරයා පෙන්වාදී තිබේ.
ඔහු සඳහන්කර ඇත්තේ අපේ රටේ ප්‍රිමියම් පෙට්‍රල් ලීටරයක් රුපියල් 210 ක් වෙද්දී ඉන්දියාවේ එය රුපියල් 264 ක් බවයි. එයින් පෙන්වන්නේ ඉන්ධන වැඩිවීම තවම ඔරොත්තු දෙන්නට හැකි මට්ටමක ඇති බවකි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *