අයවැය විවාදයේ දින 23ට පාර්ලිමේන්තුවේ වියදම කෝටි 80ක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ සංශෝධන කෙටුම්පත වැඩි ඡන්ද 51කින් සම්මතයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ සංශෝධන කෙටුම්පත වැඩි ඡන්ද 51කින් සම්මතයි

2022 අය වැය විවාද පැවැති කාලසීමාවේදී පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාම සඳහා රුපියල් කෝටි 80කට ආසන්න මුදලක් වැය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි පවසනවා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පසුගිය නොවැම්බර් මස 12වැනිදා අයවැය කතාව සිදුකළා. අනතුරුව නොවැම්බර් මස 13 වැනිදා සිට අයවැය විවාද ආරම්භ වූ අතර විවාද අවසන් වූයේ පසුගිය 10වැනිදා පැවැත්වූ අයවැය අවසන් ඡන්ද විමසීමෙන් අනතුරුවයි.

ඒ අනුව අයවැය විවාද පැවැත්වුණු දින ගණන 23ක්.

පාර්ලිමේන්තුව පවත්වාගෙන යාම සඳහා සාමාන්‍යයෙන් දිනකට වැය වන මුදල රුපියල් දෙකෝටි පනස් හත් ලක්ෂයක් පමණ වනවා. අයවැය කාල සීමාවේදී පාර්ලමේන්තුවේ කටයුතු වැඩි වෙලාවක් සක්‍රියව පවතින හෙයින් අදාළ කාලසීමාවේදී වැය වන දෛනික මුදලද වැඩි වන බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පැවසුවේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *