ජවිපෙ ආණ්ඩුව දණ ගැස්සූවා – දිවයින

යුගදනවි බලාගාරයේ කොටස් විකිණීමට අදාලව ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගම සමග ආණ්ඩුව හොර රහසේ අත්සන් කළ ගිවිසුම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙන් ආණ්ඩුව දණ ගස්වා ඇති බව දිවයින පුවත්පතේ ලිපියකින් අවධාරණය කර තිබේ.

මේ බව අද (19) නිකුත් කළ එම පුවත්පතේ “ජවිපෙ නායක කැබිනට් ඇමතිවරයෙකුගේ රාජකාරිය ඉටුකරයි!” යන ලිපියේ සඳහන් කර තිබේ. එහි අවධාරණය කර තිබෙන්නේ “ජවිපෙ ආණ්ඩුව දණ ගැස්සූවා යැයි කීවත් වරදක් නැත. ජවිපෙ ප්‍රහාරය සමස්ත ආණ්ඩු පක්ෂයටය” යනුවෙනි. එම ලිපියේ අවධාරණය කර තිබූ කොටස් කිහිපයක් පහත දැක්වේ.

“පාර්ලිමේන්තුව නියෝජනය කරන ජවිපෙ කණ්ඩායම තුනකට සීමා වී ඇත. අනුර කුමාර දිසානායක (කොළඹ දිස්ත්‍රික්කය), විජිත හේරත් (ගම්පහ), සහ ජාතික ලැයිස්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනී අමරසූරිය ආණ්ඩු පක්ෂයට මල්ටි බැරල් රොකට් ප්‍රහාරයක් එල්ල කර ඇත.”

“අයවැය වැඩි ඡන්ද 93කින් සම්මත කර ගැනීමට පොහොට්ටු රජයට දෙසැම්බර් 10 දින හැකිවිය. යුගදනවි ගිවිසුමට එරෙහි වූ සියලුම පක්ෂ, මන්ත්‍රීවරු අයවැයට පක්ෂ විය. නමුත් අයවැය ඡන්දයට පැය 06කට පෙර ජවිපෙ නායකයා යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් කළ හෙළිදරව්ව ආණ්ඩු පක්ෂය මහත් ලැජ්ජාවට පත් කළේය.”

“නමුත් දෙසැම්බර් 10 වෙනි දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙනු ඇත. ඒ ආණ්ඩුව සඟවාගෙන සිටි ජාත්‍යන්තර ගිවිසුමක් ජවිපෙ මන්ත්‍රී අනුර කුමාර දිසානායක සභාගත කිරීමෙනි. ජවිපෙ නායකයා කැබිනට් ඇමතිවරයෙකුගේ බලය ආරුඩ කරගත්තාද?”

“පොහොට්ටු පක්ෂය ඉදිරිපත් කළ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ තරඟයක් නොමැතිව ඡන්දය දින්නේය. ඔහුට ඡන්ද මිලියන 6.9ක් ලැබිණි. ජවිපෙ නායකයාට ඡන්ද ලක්ෂ 05 සීමාව පසු කිරීමට නොහැකිවිය. නමුත් අද දේශපාලන භූමිය උඩු යටිකුරු වී ඇත.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *