හෙරොයින් තොගය සහිත යාත්‍රාව කොළඹ වරායට රැගෙන එයි

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදු සීමාවේදී නාවික හමුදාව විසින් සිය භාරයට ගත් හෙරොයින් කිලෝග්‍රෑම් 250කට ආසන්න මත්ද්‍රව්‍ය තොගය පෙරේදා (15) කොළඹ වරාය වෙත රැගෙන එනු ලැබීය.

දින 25ක් පුරා සිදුකළ මෙහෙයුමකින් මෙම වැටලීම සිදුකර තිබේ.ශ්‍රී ලංකා නාවික හමුදාවේ සයුර නෞකාව ඊට එක්වී තිබුණි.

නාවික හමුදා බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරකට අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ මැදිහත්වීමෙන් වැටලීම සිදුකර ඇත.

මෙම හෙරොයින් තොගය සොයාගනු ලැබුවේ ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 900ක් පමණ දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදු සීමාවේදීය.

එහිදී විදේශිකයින් පිරිසක් සමග යාත්‍රා කරමින් තිබූ ඩිංගි බෝට්ටුවක් සිය භාරයට ගෙන සිදුකළ පරික්ෂාවේදී හෙරොයින් කිලෝග්‍රෑම් 250කට ආසන්න ප්‍රමාණයක් සොයාගැනීමට නාවික හමුදාවට හැකිවී තිබුණි.

නාවික හමුදාව සඳහන් කළේ, ඒ තුළ සිටි ඉරාන ජාතිකයින් 6 දෙනෙක් සහ පාකිස්තාන ජාතිකයෙක් සිය භාරයට ගත් බවය.

ඩුබායිහී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් මෙම හෙරෝයින් තොගය, මෙරට සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු වෙත එවා ඇති බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *