යාපනේදී හමුදා වාහනයකට ගල් ප්‍රහාරයක්

යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ හිටපු මන්ත‍්‍රීවරයෙකුගේ මල සිරුරක් හමුවෙයි

යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ හිටපු මන්ත‍්‍රීවරයෙකුගේ මල සිරුරක් හමුවෙයි

යාපනය නගරයේ ධාවනය වෙමින් තිබූ නාවික හමුදා කැබ් රථයකට 14වන දින සවස එල්ල වූ ගල් ප්‍රහාරයක් සම්බන්ධයෙන් යාපනය පොලීසිය විසින් පරික්ෂණයක් අරඹා ඇත.

යාපනය නගරයේ තැපල් කාර්යාලය ආසන්නයේදී මෙම ගල් ප්‍රහාරය එල්ල වී ඇති අතර එම අවස්ථාවේදී නාවික හමුදා කැබ් රථය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ අවස්ථාවේදී එකවරම සැඟව සිටි අයෙකු විසින් ගල් ප්‍රහාරය එල්ල කොට පලා ගොස් ඇති බවට වාර්ථා වෙයි.

අදාල ගල් ප්‍රහාරයෙන් නාවික නිලධාරීන් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති අතරම කැබ් රථයේ ඉදිරිපස් වීදුරුවට පමණක් හානි සිදුව ඇති බවටද අනාවරනය වෙයි.

අදාල ගල් ප්‍රහාරය එල්ල කර අය කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතරම ප්‍රදේශයේ සී.සී.ටී.වී කැමරා ඇත්දැයි යන්න සොයා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරික්ෂණයක් අරඹා ඇති බවට යාපනය පොලීසිය වැඩි දුරටත් පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *