දිනකට ළමා අපචාර සිද්ධීන් 32ක්; මෙම වසරේ ගතවූ දින 333ක කාලයේදී ළමා අපචාර සම්බන්ධ පැමිණිලි 10,713ක්

ළමා හිංසනය ඉහළට

ළමා හිංසනය ඉහළට

ගතවන සෑම පැයකදීම මෙරටින් ළමා අපචාර සිද්ධීන් එකක් හෝ ඊට වැඩියෙන් වාර්තා වන බව ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

දිනකට ළමා අපචාර සිද්ධීන් 32ක් මෙරටින් වාර්තා වන බව කී ඇමතිවරයා මෙම වසරේ ගතවූ දින 333ක කාලයේදී ළමා අපචාර සම්බන්ධ පැමිණිලි 10,713 ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී ඇතැයි සඳහන් කළේය.

එම පැමිණිලිවලින් වයස අවුරුදු 5ට අඩු ළමයින් සම්බන්ධ අපචාර සිද්ධීන් 1,632ක්, අවුරුදු 6ත්, 10ත් අතර ළමුන්ට සිදුවූ අපචාර සම්බන්ධ පැමිණිලි 2,626ක්ද වූ බව ඇමැතිවරයා කීවේය.

ඇමති ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී (15) පැවති “දරුවන් පිළිබඳ වාර්තාකරණයේ දී ජනමාධ්‍ය අනුගමනය කළ යුතු ආචාර ධර්ම” පිළිබඳ වැඩමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

ළමා අපචාර සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවලට සාපේක්ෂව වාර්තා නොවන සිදුවීම් ප්‍රමාණය ඉතා ඉහළ අගයක් ගන්නා බවද ඇමතිවරයා පැවැසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *