රාජ්‍ය ව්‍යාපාරවල සේවකයින්ගේ විශ්‍රාම යැමේ වයස 62 දක්වා ඉහලට

රාජ්‍ය සේවකයින් සඳහා දායකත්ව විශ්‍රාම අරමුදලක්

රාජ්‍ය සේවකයින් සඳහා දායකත්ව විශ්‍රාම අරමුදලක්

ලබන වසර සදහා අනුමත කළ විසර්ජන පනත් කෙටුම්පතේ විධි විධාන හා අමාත්‍ය මණ්ඩලයේ නිර්දේශ මත රාජ්‍ය ව්‍යාපාරයන්හි සේවයේ නිරත සේවකයන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස පිළිබඳ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

නව චක්‍රලේඛය අනුව රාජ්‍ය ව්‍යාපාරයන්හි සේවකයන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 57ක් සේ දක්වා තිබෙනවා. සේවා දීර්ඝ කිරීමේ ඉල්ලීමක් නොමැතිව අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 62ක් ලෙස චක්‍රලේඛයේ සදහන්. රාජ්‍ය ව්‍යාපාරයන්හි සේවකයින් විශ්‍රාම ගැන්වීමේ වයස සම්බන්ධයෙන් මීට පෙර 2013 ජනවාරි 15 වනදා නිකුත් කළ රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය නව චක්‍රලේඛය තුළින් අවලංගු වනවා.

මේ වනවිට රාජ්‍ය ව්‍යාපාරයන්හි සේවයේ නියුතු සේවකයින් විශ්‍රාම ගන්වනු ලබන්නේ වයස අවුරුදු 57 දීයි. කිසියම් නිලධාරියෙකු වයස අවුරුදු 57 ඉක්මවා සේවයේ යෙදීමට අපේක්‍ෂා කරන්නේ නම් ඒ සදහා සේවා දිර්ඝ කිරීමේ ඉල්ලීමක් නොමැතිව වයස අවුරුදු 62ක් දක්වා සේවය කළ හැකි වනවා.

කෙසේවෙතත් වයස අවුරුදු 57 සිට 62 අතර කාලය තුළ නිලධාරියාගේ අභිමතය පරිදි පත්වීම් බලධාරියා වෙත මාස 3ක පූර්ව දැනුම්දීමකින් අනතුරුව විශ්‍රාම ගත හැකි බවයි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවේ.

මේ සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිලි කිරීම් අවශ්‍ය වන්නේ නම් රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා අමතා ලබාගත හැකි බව භාණ්ඩාගාර ලේකම් එස් ආර් ආටිගල මහතා නව චක්‍ර ලේඛයෙන් දැනුම් දෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *