ඉදිරි මාස දෙකකදී ඩොලර් බිලියන පහක් නොලැබුණහොත් රට බංකොලොත් – රුවන් විජේවර්ධන

ඉදිරි මාස දෙකකදී ඩොලර් බිලියන පහක් නොලැබුණහොත් රට බංකොලොත් - රුවන් විජේවර්ධන

ඉදිරි මාස දෙකකදී ඩොලර් බිලියන පහක් නොලැබුණහොත් රට බංකොලොත් - රුවන් විජේවර්ධන

ඉදිරි සති දෙකක කාලය තුළ ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාව දරුණු කඩාවැටීමකට මුහුණ දීමට සිදුවන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා සඳහන් කරයි.

ඉතිහාසයේ දරුණුතම විදේශ වත්කම් පහත වැටීමේ අවස්ථාවට අද ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බවද ඔහු පැවසීය. දැනට රට තුළ ඇති ඩොලර් සංචිතය සති 2කටවත් ප‍්‍රමාණවත් නොවන බවද පැවසූ ඔහු, මේ වන විට රටේ තිබෙන ඩොලර් සංචිත ප්‍රමාණය බිලියන 1.5ක් පමණක් බවත් එයින් ඉන්ධන හා ඖෂධ ගෙන්වා ගැනීමට මුදල් වැය කළ විට මේ මස අවසානය වන විට ඉතිරි වන්නේ ඩොලර් මිලියන 1100ක් පමණක් බව කී විජයවර්ධන මහතා ඉදිරි වසරක ආනයන අවශ්‍යතා හා සැසදීමේදී එය ලබන වසරේ සති දෙකකටවත් ප්‍රමාණවත් නොවන බවද සඳහන් කළේය.

මෙය ඉතිහාසයේ දරුණුතම විදේශ සංචිත පහත වැටීමේ අවස්ථාව බවද සඳහන් කළේය.

ඉදිරි මාස දෙක කාලයේ දී ඩොලර් බිලියන පහක් නොලැබුණහොත් රට පවත්වාගෙන යාමට අපහසු වන බවත් රට බංකොලොත් වන බවත් හිටපු අමාත්‍යවරයා පැවසීය. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට ආණ්ඩුව මැලිකමක් දක්වන්නේ ඔවුන් විසින් දෙන අරමුදල්වලින් හොරකම් කිරීමට නොහැකි නිසා බවද ඔහු පෙන්වා දුන්නේය.

රට හදන්න පුලුවන් පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බවත් ඉතිහාසය ඒ බව ඔප්පු කර ඇති බවත් ඔහු එහිදී තවදුරටත් කියා සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *