මානව හිමිකම් කඩකිරීමේ චෝදනා මත හමුදා නිලධාරීන් දෙදෙනෙකු⁣ට අමෙරිකාවෙන් තහනමක්

මානව හිමිකම් කඩකිරීමේ චෝදනා මත හමුදා නිලධාරීන් දෙදෙනෙකු⁣ට අමෙරිකාවෙන් තහනමක්

මානව හිමිකම් කඩකිරීමේ චෝදනා මත හමුදා නිලධාරීන් දෙදෙනෙකු⁣ට අමෙරිකාවෙන් තහනමක්

මානව හිමිකම් කඩකිරීමේ චෝදනා මත මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින් දෙදෙනෙකුට අමෙරිකා එක්සත් ජනපදය විසින් සංචාරක තහනම් පැනවීමට කටයුතු කළ බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි. ජේ. බ්ලින්කන් මහතා ප්‍රකාශ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්යාලය කියා සිටී.

ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු වූ චන්දන හෙට්ටිආරච්චි සහ හිටපු යුද හමුදා සැරයන්වරයෙකු වූ සුනිල් රත්නායක වෙත මෙම සංචාරක තහනම් පැනවීම සිදුකරන බවද ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශයට පත් කර ඇත.

2008-2009 කාලසීමාවේදී ත්‍රිකුණාමලයේදි සිදුවූ තරුණයන් 11 දෙනෙකු ඝාතන සිදුවීමට අදාළව එම වින්දිතයින් අතරින් අවම වශයෙන් අට දෙනෙකුට නිදහස සදහා ඇති අයිතිය බරපතල ලෙස අහිමි කිරීම යන බරපතල මානව හිමිකම් උල්ලංඝනය සදහා නාවික නිලධාරී චන්දන හෙට්ටිආරච්චි සම්බන්ධ වීම හේතුවෙන් ඔහු එක්සත් ජනපදයට ඇතුළු වීමට සුදුසුකම් නොලබන බව ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා නිවේදනය කර ඇත.

2000 වසරේ දෙසැම්බර් මාසයේදී දෙමළ සිවිල් වැසියන් 08 දෙනෙකු අධිකරණ විභාගයට ලක් නොකර ඝාතනය කිරීමේ යන බරපතල මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් යුධ හමුදා හිටපු සැරයන් සුනිල් රත්නායකට ද එක්සත් ජනපදයට ඇතුළු වීමට සීමාපනවා ඇති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

අමෙරිකාව විසින් මානව හිමිකම් ආරක්ෂා කිරීමට අදාළව එම පියවර ගෙන ඇති බවත්, ශ්‍රී ලංකා ආරක්ෂක නිලධාරීන් දෙදෙනාට අමතරව මේ වසර සදහා ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තු , විදේශ මෙහෙයුම් සහ සම්බන්ධිත වැඩසටහන් විසර්ජන පනතේ 7031 ( ඇ) වගන්තිය යටතේ. විදේශ රජයන් හී නිලධාරීන් 10 දෙනෙකු ද එක්සත් ජනපදයට ඇතුළු වීමට සුදුසුකම් නොලබන බව ප්‍රසිද්ධියේ නිවේදනය කිරීමටද ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා කටයුතු කර ඇත.

එම පිරිස අතර බංග්ලාදේශයේ වත්මන් පොලිස්පති බෙනාසිර් අහමඩ් , එරට ලුතිනන් කර්නල්වරයෙකු වන මිෆ්ටාහ් උදින් අහමඩ් , චීන ආරක්ෂක නිලධාරීන් , බෙලාරූස් ,උගන්ඩා සහ මෙක්සිකෝ නිලධාරීන් සිටිති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *