ලෝක ආර්ථිකයේ 70%ක බලය 10%ක ධනවතුන් අතේ

World Inequality Lab නම් ප්‍රංශ ආර්ථික සංවිධානයක් විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක් මගින් පෙන්වා දෙනුයේ පසුගිය වසර 10ක කාලය සිට ලෝකය තුළ අසමානත්වය විශාල වශයෙන් ඉහල ගොස් ධනවතුන් තවදුරටත් ධන කුවේරයන් බවට පත් වෙද්දී දුප්පතුන් අන්ත දරිද්‍රතාවයට පත් වී ඇති බවයි.

ලිබරල් ධනවාදය තුළ රජයේ මැදිහත් වීම අවසන් කරමින් රජය පුද්ගලික මුල්‍ය සමාගම් වලින් යැපෙන ආයතන බවට පත්කිරීමත් සමඟ පසුගිය වසර 50ක කාලය තුළ අධ්‍යාපනය හා සෞඛ්‍ය කේෂ්ත්‍ර බරපතළ කඩා වැටීමකට ලක් වී ඇති බවත් සමහර රටවල් තුළ රජය ප්‍රේක්ෂකයෙක් පමණක් බවට පත් වී ඇති බව මෙම වාර්තාව පෙන්වා දේ.

මෙම වාර්තාවට අනුව කොරෝනා වසංගත කාලයේ මාස 18ක් තුළ පමණක් ලෝක ධනවතුන් ඉපැයූ සමස්ථ ප්‍රාග්ධනය ඩොලර් බිලියන 3500ක් ලෙස ගණන් බලා තිබේ. මෙම කාලය තුළ මිලියන 100ක ජනතාවක් රැකියා අහිමිවී දුප්පතුන් බවට පත්ව ඇත. පෘථිවි ජනගහණයෙන් අඩකට ලෝක ආර්ථිකයෙන් හිමිවී ඇත්තේ 8.5%ක් පමණ මබ මෙම වාර්තාවේ දැක්වේ. පිටු 236කින් යුතු වූ මෙම වාර්තාව තව දුරටත් සඳහන් කර සිටිනුයේ බ්‍රසීලයේ ජනතාවගෙන් අඩක් උපයන්නේ එරට 10%ක් වූ ධනවතුන් උපයන මුදලින් 29 වාරයක අඩු මුදලකි. එය ප්‍රංශයේ 7 වාරයක් ලෙස සඳහන් වේ.

1995-2021 කාලය තුල ලෝකයේ බිහිවී ඇති ධනවතුන් ප්‍රමාණය 520000ක් ලෙස ගණන් බලා තිබේ. ඔවුන්ගේ ප්‍රාග්ධනය වසරකට 9.3% ක ප්‍රතිශතයක් ලෙස ඉහල ගොස් ඇත. ආර්ථිකයට රජයේ මැදිහත් වීම බිංදුව දක්වා පහල බැස ඇති අතර බලවත් රාජ්‍යයන් පවා ණයකරුවන් බවට පත්කර ලෝක ප්‍රග්ධනය පාලනය කරනුයේ පුද්ගලික මුල්‍ය සමාගම් විසිනි. මෙම තත්වය කොරෝනා වසංගතය සමග ඉහළ ගොස් ඇති අතර රාජ්‍යයන් විසින් මෙම කාලයේදී ලබා ගන්නා ලද ණය ප්‍රමාණය අදාළ රටවල දළ ජාතික නිෂ්පාදනයෙන් 10-20% දක්වා ඉහල ගොස් ඇති බවයි.

එසේම ලෝකයේ දුප්පත්කම ජනගහනය අනුව සැලකු විට එයින් 70%ක් කාන්තාවන් වේ. කාන්තාවන් හා පිරිමින් අතර වැටුප් පරතරය 19% ලෙස ගණන් බලා ඇත. කොරෝනා වසංගතයට මුහුණ දීම සඳහා ගනු ලැබූ පියවර තුළ දියුණු වෙමින් පවතින රටවල තවමත් එන්නත්කරණය සිදුකර ඇත්තේ සෑම 500 දෙනෙකුටම එක් අයෙකු බැගිනි. රටවල් 196ක් පුරා එන්නත් මිලියන 733ක් ලබා දී ඇති අතර අධික දුගී භාවයෙන් පෙලෙන රටවල් 29ක් තුළ එන්නත්කරණය සිදු වී ඇත්තේ 0.2% පමණි. එය ලෝක ජනගහනයෙන් 9% ක් නියෝජනය කරනු ලැබීම සතුටු විය හැකි කාරණයක් නොවන බව වාර්තාව තවදුරටත් පෙන්වා දේ.

මෙම තත්වයෙන් මිදීම සඳහා ලෝක ප්‍රාග්ධන හිමිකරුවන් උපයන මුදල් හා කොටස් වෙළඳපල තුළ ආයෝජනය කරන්නන් උපයන ලාභයන්ට බදු අයකිරීමක් සිදුකල යුතු බවත් එය පසුගිය G20 හා G7 කණ්ඩායමේ සමුළුවලදී 15% දක්වා එකඟතාවයකට පැමිණියද oxfarm ඇතුළු ජාත්‍යන්තර සිවිල් සංවිධාන හා ඇමරිකාවද ඉල්ලා සිටිනු ලැබුවේ එම ප්‍රතිශතය 20-25% දක්වා ඉහල දමන ලෙසයි. එසේම නවතම කොරෝනා ප්‍රබේදය සමග ඊයේ (08) දිනය තුළ ලොව පුරා කොටස් වෙළඳ පොළ තුළ විශාල පසුබෑමක් සිදු වී ඇති බව ජාත්‍යන්තර ආර්ථික සඟරාවක් වන Bloomberg මගින්ද වාර්තා කර සිටියේය. ඒ අනුව කොරෝනා වසංගතය මගින් ලෝක ආර්ථිකයට සිදු කර ඇති බලපෑම තවමත් අවසන් වී නොමැත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *