අම්පාර ප්‍රදේශයේ හදිසියේ මතු වූ බුදු පිළිමයක් හේතුවෙන් නොසන්සුන් තත්ත්වයක්

අම්පාර සන්ගමන්කන්ඩි – කෝමාරි ප්‍රදේශයේ හදිසියේ මතු වූ බුදු පිළිමයක් හේතුවෙන් නොසන්සුන් තත්ත්වයක් ඇති වී එහි ජනතාව උද්ඝෝෂණයක නිරත වෙමින් සිටී.

එම ගැටලුව සම්බන්ධයෙන් ද්‍රවිඩ ජනතාව සහ බෞද්ධ භික්ෂූන් වහන්සේලා අතර පැවති සාකච්ඡාව අසාර්ථක වූ බව ආරංචි මාර්ග පවසයි.

වත්මන් කාරතීවූ ප්‍රාදේශීය සභාවේ සභාපති ජෙයසිරිල්, තිරුකෝවිල් ප්‍රාදේශීය සභාවේ සභාපති කමලරාජන් සහ පොතුවිල් ප්‍රාදේශීය සභාවේ සභාපති රහීම් යන මහත්වරුන් ජනතාව සමඟ උද්ඝෝෂණයට සහභාගී වී සිටින අතර විසඳුමක් ලැබෙන තුරු ජනතාව තනි නොකරන බව ද පැවසූහ.

තිරුකෝවිල් සහ පොතුවිල් යන පොලිස් කොට්ඨාසවලින් පොලිස් නිලධාරීන් උද්ඝෝෂණය සිදු වන ස්ථානයට කැඳවා ඇති බවද දැනගන්නට ලැබී ඇත.
-Vidiyal

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *