අල්ලස් කොමිසමට එන්න කියූ නිරූපමා රාජපක්ෂ ලෙඩ වෙලා

පැන්ඩෝරා පත්‍රිකාවලින් හෙළි කළ කරුණු සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණය සඳහා ප්‍රකාශයක් ලබාගැනීමට හිටපු අමාත්‍යවරියක වන නිරුපමා රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කැඳවුවද අසනීපවලට ප්‍රතිකාර ලබා ගන්නා බව පවසමින් ඇය එහි නොපැමිණි බව එම කොමිසමේ ලේකම්වරියක වන අප්සරා කල්දේරා පවසීය.

අල්ලස් කොමිසම මේ පරීක්ෂණය සිදු කරන්නේ ඒ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදු කර මසකින් වාර්තාව ලබා දෙන ලෙස ජනාධිපතිවරයා ඔක්තෝබර් 06 වන දින ලබා දුන් නියෝගයකට අනුවයි.

පරීක්ෂණ ආරම්භ වී මේ වන විටත් මාස දෙකක් ගත වී ඇති අතර පරීක්ෂණ ආරම්භ වී මසකින් පසුව ජනාධිපතිවරයාට ලබා දුන් වාර්තාවේ සඳහන් කර තිබෙන්නේ ද පරීක්ෂණ තවමත් මූලික අදියරේ පවතින බවයි.

ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකතුව විසින් රටවල් ගණනාවක වත්කම් සඟවාගෙන සිටින පුද්ගලයන් පිළිබඳව සිදු කළ හෙළිදරව්වේදී ශ්‍රී ලංකාවේ හිටපු අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂ හා ඇගේ සැමියා වන තිරු කුමාර් නඩේසන්ගේ වත්කම් සම්බන්ධයෙන් ද හෙළිදරව් කර තිබුණි.

මීට පෙර තිරුකුමාර් නඩේසන් මහතාව පරීක්ෂණ කටයුතු සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කැඳවා ප්‍රකාශයක් ලබා ගත්තේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *