LPL ගැන විධිමත් විගණනයක් සිදුකළහොත් ගහලා තියෙන ගැහිලි ඔක්කොම එලියට එනවා – අර්ජුණ රණතුංග

LPL ගැන විධිමත් විගණනයක් සිදුකළහොත් ගහලා තියෙන ගැහිලි ඔක්කොම එලියට එනවා - අර්ජුණ රණතුංග

LPL ගැන විධිමත් විගණනයක් සිදුකළහොත් ගහලා තියෙන ගැහිලි ඔක්කොම එලියට එනවා - අර්ජුණ රණතුංග

ප්‍රධාන ක්‍රිකට් තරග නවත්වා දැනට පවත්වන LPL තරගාවලියේ බොහෝ වැඩකටයුතු කරන්නේ ක්‍රීඩා ඇමතිවරයාගේ ඥාතීන් සහ හිතමිතුරන් බවත්, මේ තරගාවලි සම්බන්ධව තමන් ඉල්ලා ඇති විධිමත් විගණනය සිදුකළහොත් LPL ගැහිල්ල හෙළිවනු ඇති බවත් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මෙන්ම හටපු අමාත්‍ය අර්ජුණ රණතුංග පැවසුවේය.

මොනරතරම් හොඳ ක්‍රීඩකයන් සිටියත් දූෂිත ක්‍රිකට් පරිපාලකයන් එන ඕනෑම දේශපාලනයක් අල්ලාගෙන තමන්ගෙ මැච් එක ගහන බවද අර්ජුණ කීවේය.
මහනුවරදී දින (01) ශ්‍රී දළදා සමිඳු වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය අමතා ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එහිදී අර්ජුණ රණතුංග මෙසේද පැවසීය.

“ අද මේ වන විට මේ රටේ ප්‍රධාන ක්‍රීඩා තරඟ නවත්වා LPL තරඟවලිය පමණක් පවත්වන්න කටයුතු කරනවා. මේ තත්ත්වය උදාවෙලා තියෙන්නේ අද ක්‍රිකට් ක්‍රීඩාව මුදල මතම සිදුකෙරෙන ක්‍රීඩාවක් බවට පත්ව ඇති නිසයි. මේ තත්ත්වයට බලපාපු තවත් ප්‍රධාන හේතුවක් තමයි මේ LPL තරගාවලියේ වැඩ කරන්නේ ක්‍රීඩා ඇමතිවරුන්ගේ ඥාතීන්, හිත මිතුරන් හා සමීපතම පුද්ගලයින් මේ බව මට ඔප්පු කරන්න පුළුවන්. මම ක්‍රීඩා ඇමතිට කීවා මේ LPL සම්බන්ධයෙන් විධිමත් විගණනයක් කරන්න කියලා. එහෙම කරොත් මේ ගහලා තියෙන ගැහිලි ඔක්කොම එලියට එනවා. ඒත් මේ දක්වාම විගණනයක් කළේ නෑ.

ලෝකයේ ක්‍රිකට් නිලධාරීන් පත් කරන්න ඡන්ද 140ට වැඩියෙන් තියෙන එකම රට ශ්‍රී ලංකාවයි. ක්‍රීඩා සමාජ 28ක් තියෙනවා. මේ ක්‍රීඩා සමාජවල විශාල වශයෙන් වැරදි කරන පුද්ගලයෝ ඉන්නවා. නමුත් පරිපාලකයෝ ඒ අය ආරක්ෂා කරනවා. අද මේ ක්‍රිකට් ක්‍රීඩාවේ හැම දෙයක්ම මුදලට යටවෙලා. ඒක තමයි අපේ රටේ ක්‍රිකට් විනාශයට මුල. වෙන රටවල් වල මේ තත්වය දැන් නැතිවෙලා ක්‍රීඩාවට තමයි, දක්ෂයන්ට තමයි මුල්තැන ලැබෙන්නේ.
2015 වසරේ සිට මේ දක්වා ජනාධිපතිවරු දෙදෙනෙක්, අගමැතිවරු තිදෙනෙක්, ක්‍රීඩා ඇමැතිවරු පස් හය දෙනෙක් වගේම කණ්ඩායම් නායකයෝ 08 දෙනෙක් විතර වෙනස් වුණා. කණ්ඩායම් වෙනස් වුණා. එහෙත් මේ දූෂිත පරිපාලකයෝ වෙනස් වුණේ නෑ. අපේ දූෂිතයෝ තවමත් ක්‍රිකට් ක්‍රීඩාවට අරක්ගෙන ඉන්නවා. ඒ අය එන එන ක්‍රීඩා ඇමති අල්ලගන්න දන්නව. මේ අයගෙන් ක්‍රීඩා ඇමතිවරුන්ගේ හිත මිතුරන් ඥාතීන් යැපෙනවා. අද අපිට දක්ෂ ක්‍රීඩකයෝ හිටියත් දක්ෂ පරිපාලකයෝ නෑ. ඒ නිසා තමයි මීළඟ 20 -20 ටත් අපිට සුදුසුකම් ලබා ගන්න මැච් ගහන්න වෙලා තියෙන්නේ. කිසිම ක්‍රීඩා ඇමතිවරයෙක් මේ දූෂිතයන්ට දඬුවම් කරන්නේ නෑ.

මේ දූෂිත පරිපාලකයන් යටතේ කවදාවත් මේ රටේ ක්‍රිකට් හදන්න බෑ. අද අපිට දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා. ඒක සතුටට කරුණක්. තේරීම් කමිටුව හොඳින් වැඩ කරනවා. ඒත් දූෂිත පරිපාලකයෝ පරණ මැච් එකම හැමදාම ගහනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *