හවුල්කාර පක්ෂවලට එළියට යන්න කියන්නේ පෙත්තප්පුලා කට්ට්යක් – මහින්ද අමරවීර

ගොවීන්ට කරපු අසාධාරණය නිසයි මේ ශාපය; ඩොලර් එවන්නේ නැත්තේ ඩොලර්වලිනුත් හොරකම් කරයි කියලා - මහින්ද අමරවීර

ගොවීන්ට කරපු අසාධාරණය නිසයි මේ ශාපය; ඩොලර් එවන්නේ නැත්තේ ඩොලර්වලිනුත් හොරකම් කරයි කියලා - මහින්ද අමරවීර

“එක කණ්ඩායමකට ඕන ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමා අසාර්ථක නායකයෙක් කියල කියන්න. ඔය පොහොට්ටුවේ කියන සමහර මන්ත්‍රීවරු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එළියට යන්න කිව්වා. විමල් වීරවංශගේ පක්‍ෂයට එළියට යන්න කිව්වා. ගම්මන්පිලට යන්න කිවුවා එළියට. වාසුටත් කිව්වා. හවුල්කාර පක්ෂවලට එළියට යන්න කිවලා ඔහොම තමයි මේ පෙත්තප්පුලා කට්ට්ය කියන්නේ,” යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

“ඒ ගොල්ලේ හිතනවා ඇති අර කට්ටිය ගියාම අපට ඇති කියලා. හැබැයි යන තැන නවතින්නේ කොතනද කියන එක වගේම මොකද වෙන්නේ කියන එක මේගොල්ලෝ දන්නෙ නෑ.

පෙත්තප්පුලා වගේ කියවන කණ්ඩායම් ටිකකට තනතුරු දීලා තියාගැනීම තුළම අර අය ඉන්නේ යම් කලකිරීමකින් යනුවෙන්ද අමරවීර ඇමතිවරයා ප්‍රකාශ කළේය.

මේ ඔක්කොම යවලා මොකක්ද කරන්න හදන්නේ. හිතේ නම් ඇති වෙන කට්ටිය බලයට ගේන්න. වෙන අයව පත්කරන්න යනුවෙන්ද ඇමතිවරයා කියා සිටියේය.

මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ (28) රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *