ඇමරිකාවේ හා රුසියාවේ තාක්‍ෂණය ද ඉක්මවා යන චීනයේ DF-17 සුපර්සොනික් මිසයිලය

ඇමරිකාවේ හා රුසියාවේ තාක්‍ෂණය ද ඉක්මවා යන චීනයේ DF-17 සුපර්සොනික් මිසයිලය

ඇමරිකාවේ හා රුසියාවේ තාක්‍ෂණය ද ඉක්මවා යන චීනයේ DF-17 සුපර්සොනික් මිසයිලය

ඇමරිකාවේ පලවන wallstreet හා financial time පුවත්පත්‍ හි නවතම හෙලිදරව්වකට අනුව පසුගිය අගෝස්තු මාසයේදී චීනය විසින් ඇමරිකාවේ හා රුසියාවේ තාක්‍ෂණය ද ඉක්මවා යන DF-17නමින් නව සුපර්සොනික් මිසයිලයක් අත්හදා බලා තිබේ. මෙම මිසයිලයේ විශේෂත්වය වනුයේ ගුවනේදී අවශ්‍ය වුවහොත් තවත් මිසයිලයක් එයින් මුදාහැර වෙනත් දිශාවක ඉලක්කයක් කරා යැවීමේ හැකියාවයි. මෙම නව මිසයිල සොයාගැනීමත් සමගම ඇමරිකානු පෙන්ටගනය පමණක් නොව රුසියාවද යම් තිගැස්සමකට ලක් වී ඇතිබව ඇමරිකාවේ මෙම මාධ්‍ය පෙන්ටගනයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් පවසා සිටි.

අදාල ඇමරිකානු මාධ්‍ය පෙන්වා දෙනුයේ පෙන්ටගනයේ DARPA මිලිටරි විද්‍යාගාරය නිකුත් කල රහසිගත වාර්තාවකට අනුව චීනය මෙවැනි අවියක් නිපදවූයේ කෙසේද යන්නත්, අදාළ මිසයිලයෙන් පිටවී මුහුදට වැටුන උප මිසයිලයේ ස්වභාවය කුමක්ද යන්නත් තවමත් සොයාගැනීමට ඔවුන් අපෝසත් වී ඇතිබවයි. සමහර විශේෂඥයයින් පවසනුයේ මෙම උප මිසයිලය ඇතැම් විට මව් සුපර්සොනික් මිසයිලය ආරක්ෂා කරනු හෝ වෙනත් ඉලක්කයක් වෙත යෑමේ හැකියාවක් තිබීමට ඉඩ ඇතිබවයි. DF-17 චීන මිසයිලයේ තවත් ලක්ෂණයක් වනුයේ එයට ඇති පැයකට කිලෝමීටර් 7000ක් වේගයෙන් ගමන් කල හැකියාව වන අතර කිසිදු රාඩර් පද්ධතියකට අසුනොවී ඕනෑම දිශාවකට ගමන් කිරීමට හා යොමුවීමට ඇති හැකියාවයි.

කෙසේවතත් මෙම මිසයිලය පසුගිය අගෝස්තු මාසයේදී පෘථිවිය වටා ගමන් කර තම අවසාන ඉලක්කය කර පැමිණි බව පෙන්ටගනය පසුගිය ඔක්තෝම්බර් මාසයේදී තහවුරු කරන ලද්දේ මෙහි ඇති විශේෂත්වය පිළිබඳව තොරතුරැ හෙලිනොකරමිනි. කෙසේවෙතත් චීන රජය මෙම වාර්තා ප්‍රතික්‍ෂේප කරන අතර තමන් සිදු කලේ අභ්‍යවකාශයේ යානයක් විනාශ නොකර නැවත ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව සොයාබැලීම සඳහා සිදුකල පරීක්ෂණයක් පමණක් බවයි.

ඇමරිකානු හමුදාවේ ජෙනරල් වරයෙකු වන, mark Milly මේ අතර පවසන්නේ චීනය විසින් සිදු කරන ලද මෙම පරීක්ෂණය මිසයිල පරික්ෂාවක් බව තහවුරු වී ඇතිබවයි. 1957 දී සෝවියට් දේශය ප්‍රථම කෘතීම sputnik චන්ද්‍රිකාව කක්ෂ ගත කිරීම ඇමරිකාව ඇතුළු බටහිර ප්‍රජාවම පුදුමයට පත්කළ ආකාරය ඔහු මෙහිදී උදාහරණයක් ලෙස මාධ්‍ය වෙත පෙන්වා දෙනු ලැබීය. මෙම පරීක්ෂණය මගින් චීනය අභ්‍යවකාශය තුලත් තම තාක්ෂණික යුද්ධය ත්‍රිව කර ඇති බව ඔහු තවදුරටත් මාධ්‍ය අමතා ප්‍රකාශ කර සිටියේය.

මෙම DF-17 මිසයිලයට පැසිෆික් කලාපයේ Guam, Samoa දුපත්හි පිහිටුවා ඇති හමුදා කඳවුරු පැය කිහිපයකදී විනාශ කිරීමේ හැකියාවක් පවතින බවත් එවැනි ප්‍රහාරයකට මුහුණ දීමට අවශ්‍ය තාක්ෂණික බලයක් ඇමරිකන් හමුදාවන්ට නොමැති බව පෙන්ටගන් වාර්තාව බයිඩන් රජයට තව දුරටත් අනතුරු හඟවා ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *