චීන ණය උගුලේ හසුවුන නවතම රාජ්‍යය උගන්ඩාව: එරට එන්ටැබේ ගුවන්තොටුපොළ චීනයට

චීන ණය උගුලේ හසුවුන නවතම රාජ්‍යය උගන්ඩාව: එරට එන්ටැබේ ගුවන්තොටුපොළ චීනයට

චීන ණය උගුලේ හසුවුන නවතම රාජ්‍යය උගන්ඩාව: එරට එන්ටැබේ ගුවන්තොටුපොළ චීනයට

ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය අත්පත් කරගත් ආකාරයට, මොන්ටේග්‍රෝ රාජ්‍යයේ අධිවේග මාර්ගය මේ වන විටත් ඉල්ලා බලකරන සිටින තත්වයක් තුල චීන ණය උගුලේ හසුවුන නවතම රාජ්‍යය වනුයේ අප්‍රිකානු රටක් වන උගන්ඩාවයි. උගන්ඩා රජයේ මුදල් හා ගුවන් සේවා ඇමති විසින් 2015 නොවැම්බර් 17 වැනිදා චීනයේ (EXIM BANK) ආනයන හා අපනයන සම්බන්ධ බැංකුව සමග එරට ප්‍රධාන ගුවන් තොටුපල විශාල කිරීමට හා අළුත් වැඩියා කිරීම සඳහා ඩොලර් මිලියන 207ක ණයක් ලබාගෙන ඇති අතර එහි වාරික ගෙවීමට අපෝසත් වීම තුල අදාළ චීන බැංකුවට එම ගුවන් තොටුපල සින්න වී ඇතැයි වාර්තා වේ.

මිලියන 43ක, ජනතාවක් වෙසෙන උගන්ඩාව දිනකට ඛනිජ තෙල් බැරල් ලක්‍ෂ 2ක් නිපදවන රටක් ලෙස සැලකේ. එහෙත් රටේ ජනතාවගෙන් බහුතරයකට ලිවීමේ කියවීමේ හැකියාව නොමැති අතර ජිවත්වීමේ ආයු කාලය අවුරුදු 52ක් පමණක් වේ. ජනගහණයෙන් 80%ක් ජීවත්වනුයේ කෝපි වගාව මත පදනම් වූ කුෂිකර්මය තම ජීවිකාව කරගනිමිනි. ලෝක බැංකු වාර්තා අනුව කොරෝනා වසංගතය හේතුවෙන් රටේ ජනතාවගෙන් මිලියන 12ක් දුගී භාවයට ඇදවැටී දිනකට ඩොලර්1.50ක් මත ජිවත් වේ. රටේ තෙල්, රත්‍රං, කොබෝල්ට් පාලනය කරනු ලබනුයේ බහු ජාතික සමාගම් විසිනි. මෙම හේතුව නිසාම රට තුළ ඉස්ලාම් අන්තවාදයද හිස ඔසවා ඇත.

කෙසේවුවත් උගන්ඩාව පාලනය කරන Yoweri Kaguta Museveni හා ඔහුගේ රජය දුෂිත රෙජිමයක් ලෙස සැලකේ. එරට එන්ටඹේ ගුවන් තොටුපල පුළුල් කිරීම සඳහා චීන EXIM BANK බැංකුව සමග අත්සන් කරන ගිවිසුමේ කොන්දේසියක් ලෙස හා ණය ගෙවීමේ සහතිකයක් ලෙස ලොව ගුවන් තොටුපළවල් සඳහා ජගත් සම්මුතින් මගින් හිමිවන ජාත්‍යන්තර රාජතාන්ත්‍රික ආරක්ෂණය තම රටේ පාලනයෙන් ඉවත්කර එය චීන බැංකුවට ලබා දී ඇත්තේ අතයට සිදුවූ ගණුදෙනුවක් මත යයි එරට පුවත් පත් වාර්තා කරයි. එසේම යම් විදිහකින් ණය ගෙවීමට අපෝසත් වුවහොත් සමස්ථ ගුවන් තොටුපල පාලනය කිරීමට හා නඩත්තු කිරීමට අවශ්‍ය නම් චීන ගුවන් හමුදාව හෝ රැඳවීමට මෙමගින් අදාළ චීන රජයට සමීප බැංකුවට EXIM BANK හැකියාව ලැබීම මෙහි දැක්වෙන භයානකත්වයයි. මෙය පැහැදිලිවම චීන රජය විසින් එරට ස්වරීත්වය ඉතා දරුණු ලෙස උල්ලංඝණය කිරීමක් ලෙස නීති විශාරදයින් පෙන්වා දෙති. මෙම තත්වය සමනය කර ණය ගෙවීම සඳහා යම් සහනයක් ලබා ගැනීමට උගන්ඩා ජනාධිපතිවරයා උත්සහ ගත්තද එම ඉල්ලීම චීන රජය ප්‍රතික්‍ෂේප කර ඇතැයි වාර්තා වේ.

මෙම ගිවිසුම අත්සන් කල එරට ගුවන් හා මුදල් ඇමති MATIA KASAIJA මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු කාරක සභාව ඉදිරියේදී රටේ ජනතාව හා පාර්ලිමේන්තුව දැනුවත් නොකරමින් අදාළ ගිවිසුමේ රටේ ස්වාධිනත්වය හා භෞමික අඛණ්ඩතාවය උල්ලංඝණය කල සමහර කොන්දේසි පිළිබඳව සැලකිලිමත් නොවීම පිළිබඳව ජාතියෙන් සමාව ඉල්ලා සිටින බව පැවසුවේ හැඬු කඳුලෙන් බව මාධ්‍ය තවදුරටත් වාර්තා කර සිටි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *