ලංකාවේ කාන්තාවන්ගෙන් 1/5 කායික සහ/හෝ ලිංගික ප්‍රචණ්ඩත්වයට; ඉන් 1/3 සියදිවි නසාගැනීමේ සිතිවිල්ලේ

2023 වසරේ දී වයස අවුරුදු 18ට අඩු දැරියන් 1,502ක් දූෂණයට ලක් වෙලා; ලිංගික අපරාධවල වර්ධනයක්

2023 වසරේ දී වයස අවුරුදු 18ට අඩු දැරියන් 1,502ක් දූෂණයට ලක් වෙලා; ලිංගික අපරාධවල වර්ධනයක්

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් පහෙන් එකක් (20.4%) තම සමීප සහකරුවෙකු වෙතින් කායික සහ/හෝ ලිංගික ප්‍රචණ්ඩත්වයට මුහුණදී ඇති බවත්, එසේම එම ප්‍රචණ්ඩත්වයන්ට මුහුණ දුන් කාන්තාවන්ගෙන් තුනෙන් එකක් (35.7%) තුළත් සියදිවි නසාගැනීමේ සිතිවිලි පහළ වී ඇති බවත් සමීක්‍ෂණයකින් අනාවරණය වී තිබේ.

ඒ අනුව එහිදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ, සහකරුවෙකු වෙතින් ලිංගික ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන් කාන්තාවන්ගෙන් අඩක් පමණම (49.3%) ඒ සම්බන්ධයෙන් කිසිදු උපකාරක සේවයක සහය ලබාගෙන නොමැති බවයි. ශ්‍රී ලංකාවේ කාන්තාවන් හා ගැහැනු ළමයින් සම්බන්ධ ප්‍රථම ජාතික සමීක්‍ෂණය වන ‘Women’s Wellbeing Survey'(WWS)යන සමීක්‍ෂණය මගින් මෙම දත්ත අනාවරණය වී ඇත.

ඒ අනුව මෙම දත්ත පදනම් කරගනිමින් වූ දින 16ක විශේෂ වැඩසටහනක් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල, කොළඹ මහ නගර සභාව සහ ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් කාර්යාලය එක්ව පසුගියදා පවත්වන ලද අතර, කාන්තාවන්ට තම සමීප සහකරුවෙකු ගෙන් සිදුවන ප්‍රචණ්ඩත්වය ඇතුළු ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් වැළැක්වීම සඳහා දැනුවත් කිරීමේ අරමුණින් එය සංවිධානය කර තිබිණි.

මේ අතර WWS සමීක්‍ෂණය ඔස්සේ ලද තොරතුරු අනුව, මෙම ගැටලුව අවම කිරීම සඳහා ප්‍රතිපත්ති සකස් කිරීමේ වැදගත්කම පෙන්වා දෙමින් ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් කාර්යාලයේ උපදේශක සහ සංවර්ධන සහයෝගීතා ප්‍රධානී ඩැනියෙල් ජොලී මහතා සඳහන් කර සිටියේ,සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට සහයෝගය ලබාදීමට කැනඩා රජය පියවර ගෙන ඇති බවයි.එසේම සමීප සහකරුවන් වෙතින් ඇතිවන ප්‍රචණ්ඩත්වය හුදෙක් කාන්තාවන්ට පමණක් බල නොපාන බවත්, එමගින් දරුවන්ට සහ පවුල්වලට මෙන්ම,

සමස්ත සමාජයටම බලපෑම් එල්ල වන බවත් මෙම වැඩසටහනට සම්බන්ධ වෙමින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ජාතික වැඩසටහන් ප්‍රධානී සහ කාන්තා හිමිකම් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම්බන්ධ ප්‍රතිපත්ති විශ්ලේෂිකා ශාරිකා කුරේ මහත්මිය සඳහන් කර සිටියාය.ඒ අනුව කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට තුඩුදෙන සම්මතයන්ට අභියෝග කිරීම සියලු දෙනාගේම වගකීමක් වන බවට ඔවුහු වැඩිදුරටත් පෙන්වා දුන්හ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *