ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් දින 12 කට පසු පොළොන්නරුවේ තරුණිය මරුට

0

මීට දින 13 කට පෙර පසුගිය 13 වැනිදා පොලොන්නරුව වැලිකන්ද සඳුන්පිටිය ගම්මානය නිවසක ගෑස් සිලින්ඩරයක් පිපිරීයාමේ සිදුවීමක් වාර්තාවී තිබූ අතර නිවසේ මුළුතැන් ගෙයි තිබූ ගෑස් උදුන දැල්වන්නට යෑමේදී ගිනිකූරක් පත්තුකරන්නට උත්සාහ දැරීමක් සමග ගෑස් සිලින්ඩරය පුපුරා ගොස් තිබුණි.

එම අවස්ථාවේ බී.ජී. අයේශා කුමුදුනි නමැති 19 හැවිරිදි තරුණිය බරපතළ තුවාල ලබා රෝහල් ගත කරන ලදි. පසුව ඇයව කොළඹ ජාතික රෝහලට මාරු කරන ලදුව දින 12 ක් ප්‍රතිකාර ලැබූ පසුව පෙරේදා (25) සවස ඇය මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.

මියගිය 19 වියැති තරුණිය විවාහක කාන්තාවක වූ අතර වැලිකන්ද සඳුන්පිටිය අංක 68 ලිපිනයේ පදිංචිව සිටියාය. ඇයට අනතුර සිදුවන අවස්ථාවේ නිවසේ වෙනත් කිසිවකුත් සිට නොමැත.

විශාල ශබ්දය ඇසී අසල්වාසීන් පැමිණ ගිනි නිවා අසල්වාසීන් විසින් ඇයව වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට මුලින් ඇතුළත් කරන ලදි. පසුව පිළිසද්සුම් තුවාල අධික නිසා ඇයට වැඩිදුර ප්‍රතිකාර පිනිස කොළඹට රැගෙන ගියත් ජීවිතය බේරාගන්නට බැරි විය.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com