Type to search

අධිකරණ නියෝග මඟින් සැමරුම් අවස්ථා අවලංගු කිරීම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් – සිවාජිලිංගම්

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

එළඹෙන 27 වැනිදා උතුරු පළාතේ බොහෝ ස්ථානවල මහවිරු සැමරුම් උත්සව පැවැත්වෙන බව දෙමළ ජනතා සන්ධානයේ ලේකම් හා උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්කේ සිවාජිලිංගම් මහතා පවසයි.

යුද්ධයෙන් මියගිය පිරිස සැමරීමට දෙමළ ජනතාවට අයිතිවාසිකම් හා යුතුකමක් ඇතැයිද ඒ මහතා පැවසීය.

පොලිසිය අධිකරණ නියෝග මඟින් මෙම සැමරුම් අවස්ථා අවලංගු කිරීම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් මෙන්ම සදාචාරයට පටහැනි කටයුත්තක් බවද හෙතෙම සඳහන් කළේය.

නමුත් කුමන බාධක පැමිණියත් එළඹෙන 27වන දා යුද්ධයෙන් මිය ගිය පිරිස් දවස පුරාම සැමරීම සඳහා විවිධ උත්සව පැවැත්වෙන බවත් ඔහු පැවසීය.

යාපනයේ දී මාධ්‍යවේදීන් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *