මට ගැහුවොත් මමත් ගහනවා. ඒ ගහන්නේ ගහපු විදිය හොයාගන්න බැරි වෙන්න – මෛත්‍රීපාල සිරිසේන

ආණ්ඩුව අදටත් පාලනය කරනුයේ පොහොට්ටුවේ නායකයන්; බහුතර බලයක් සහිත පිරිස් සර්වපාක්ෂික ආණ්ඩුවකට විරුද්ධයි - මෛත්‍රීපාල

ආණ්ඩුව අදටත් පාලනය කරනුයේ පොහොට්ටුවේ නායකයන්; බහුතර බලයක් සහිත පිරිස් සර්වපාක්ෂික ආණ්ඩුවකට විරුද්ධයි - මෛත්‍රීපාල

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා (25) පාර්ලිමේන්තුවේදී දැඩි ස්වරයෙන් අදහස් පල කරන ලදී.

ආණ්ඩුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ තමනට ගැහුවොත් වෙනත් විදිහට පහර දීමටත් සූදානම් බවයි. එමෙන්ම ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බවද ඔහු පැවසීය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර ලෙස ඔහු මේ බව මෙම අදහස් පළ කළේ අයවැය විවාදයේදීය.

හිටපු ජනපති මෙසේ කීය.

“මට ගැහුවොත් මමත් ගහනවා. ඒ ගහන්නේ ගහපු විදිය හොයාගන්න බැරි වෙන්න. මට ගහන්න ඇවිත් 2014 උන දේ මතකනේ. ජනාධිපතිලාගේ වියදම් ගැන මගේ ධූරකාලෙ විතරක් නෙමෙයි ඊට කලින් හිටපු ජනාධිපතිලාගේත් හොයන්න. මේ ජනාධිපතිට සංචාර නැතිවුන හේතුව මොකක්ද කියලා කවුරුත් දන්නවා ඇතිනෙ. මගේ ධූර කාලේ මට විදෙස් රටවලින් ආරාධනා ආවා. මම වැය කලේ ජනාධිපති වැය ශීර්ෂය. කුණු අවුස්සගෙන යටට යනකොට කුණු ගඳ වැඩියි. ඒවා අවුස්සගන්නවා නම් අවුස්සගමු. මමත් ලෑස්තියි ඕන දේකට.
කවුරු කවුරුත් මතක තියාගන්න ඕන 2/3 තියෙන්නෙ තනි පක්ෂයක් නිසා නෙමෙයි. හවුල්කාර පක්ෂවල එකමුතුවක්. ඒ නිසා 2/3 ගැන කියවලා ඒකත් නැති කරගන්න එපා.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *