කෝටි 6 ක කේරෙළ ගංජා යාපනය මුහුදු තීරයෙන් මතුවෙයි

0

නාවික හමුදාව විසින් ඊයේ (21)  අලුයම  යාපනය අරියාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් ඩිංගි යාත්‍රාවක්  තුළ සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 229 ග්‍රෑම්  350ක ප්‍රමාණයක්  සිය බාරයට  ගත් බව නාවික හමුදාව කියයි.

මේවායේ වීදි වටිනාකම  රුපියල් කෝටි 6 ට අධික බවද නාවික හමුදාව පවසයි.

නාවික හමුදා මෙහෙයුම් හේතුවෙන් ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව වෙරළ ආශ්‍රිතව  අතහැර දමා යන ලද ඩිංගි යාත්‍රාවක  සඟවා තිබු මෙම කේරළ ගංජා තොගයක් සොයා ගත් බව නාවික හමුදාව පවසයි. මේවා විශාල  ගමන්මළු 07ක පාර්සල් 105ක් වශයෙන් අසුරා  තිබු බව නාවික හමුදාව කියයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com