එල්.ටී.ටී.ඊය හැදූ අධි බලැති ක්ලේමෝ බෝම්බයක් යාපනේ ඉඩමකින් හමුවෙයි

යාපනය, උර්කාවත්තුරෙයි වේලනෙයි අම්බිකා නගර් ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක වලදමා තිබි අධි බලැති ක්ලේමෝ බෝම්බයක් ඊයේ (21) සවස සොයාගත් බව පොලීසිය පවසනවා.

අදාළ නිවසේ හිමිකරු විදෙස්ගතව සිටින අතරම ඥාතියෙකු විසින් ඉඩම එලිපෙහෙලි කරමින් සිටියදී පොළව යට තිබී අදාල ක්ලේමෝ බෝම්බය දැක ඒ පිළිබඳව පලාලි යුදහමුදා කඳවුරට දැනුම් දී තිබෙනවා.

අනතුරුව යුද හමුදා බෝම්බ නිශ්ක්‍රීය අංශ නිලධාරීන් පිරිසක් අදාල ස්‌ථානයට පැමිණ ක්ලේමෝ බෝම්බය රැගෙන යාටම කටයුතු කර තිබෙනවා.

කිලෝ 10ක පමණ බරින් යුතු ක්ලේමෝ බෝම්බයේ ඉදිරිපසට සහ පසුපසට වශයෙන් දමිළ භාෂාවෙන් සඳහන් කිරීමෙන් එය යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් නිශ්පාදනය කර ඇති බවටද යුද හමුදාව පවසනවා.

සොයාගත් ක්ලේමෝ බෝම්බය අධිකරණ නියෝගයකට අනුව නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇතැයිද යුදහමුදාව වැඩිදුරටත් පැවසුවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *