නිවසේ කසළ මාර්ගයට විසි කර cctv කැමරාවට හසු වී – විසි කළ සියල්ල නැවත ඔහු මගින්ම ඉවත් කළ ආරක්ෂක නිලධාරීන්

යාපනය තොල්පුරම් ප්‍රදේශයේ පොදු මාර්ගයක කසළ විසි කළ පුද්ගලයකු cctv කැමරාවෙහි පටිගත වී තිබීම හේතුවෙන් විසි කළ කසළ සියල්ල ඔහු මගින්ම ඉවත් කිරීමට ආරක්ෂක නිලධාරීන් පියවර ගන්නා ලදී.

අත් ට්‍රැක්ටරයක කසළ පටවාගෙන පැමිණි අදාළ පුද්ගලයා පොදු මාර්ගවල නොසැලකිලිමත්ව විසි කරමින් ගමන් කර තිබේ. මේ පිළිබඳව විමර්ශනය කළ එහි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා, එම ප්‍රදේශයේ පිහිටි නිවෙස්වල සවි කර තිබූ cctv කැමරා පරීක්ෂා කර ඇත.

එහිදී හිතාමතාම කසළ විසි කරමින් ගමන් කරන ආකාරය දක්නට ලැබූ අතර එම cctv දර්ශන සාක්ෂි ලෙස ඉදිරිපත් කරමින් වටුකෝට්ටෙයි පොලිස් ස්ථානය වෙත පැමිණිලි කර ඇත.

එම පැමිණිල්ල අනුව කසළ විසි කළ පුද්ගලයාව හඳුනාගත් පොලීසිය එම පුද්ගලයාව පොලීසිය වෙත කැඳවා ඔහුට අවවාද කර ඇත.

තවද ඔහු විසින් විසි කරන ලද කසළ සියල්ල ඉවත් කළ යුතු බව ද ඔහු වෙත නියෝග කළේය. ඉන් අනතුරුව කසළ විසි කළ පුද්ගලයා සහ එම කසළ අයිති වෙළඳසැල් හිමියා ද ජනතාව ඉදිරියේ එම කසළ සියල්ල ඉවත් කරන ලදී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *