පොහොර ඉල්ලා කදුකරයේ මහ විරෝධතා; නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වසාදමයි

පොහොර ඉල්ලා කදුකරයේ මහ විරෝධතා; නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වසාදමයි; එලවළු තොග ලබාදිම නතර කරයි

පොහොර ඉල්ලා කදුකරයේ මහ විරෝධතා; නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වසාදමයි; එලවළු තොග ලබාදිම නතර කරයි

නුවරඑලිය ප්‍රදේශයේ ගොවි සංවිධාන රැසක් මහ සංඝ රත්නයද එක්ව කළු කොඩි අතතිව මහ කන්නය සදහා රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ලබාදෙන ලෙස රජයට බල කරමින් (21) දින නුවරඑලිය නගරයේ උද්ඝෝෂණයක නිරත විය.

නුවරඑලිය, කදපොල, මිපිලිමාන, නානුඔය යන ප්‍රදේශවල නගරද වසා දමමින් එම ප්‍රදේශවල එලවළු ගොවින්, වෙළදුන් සහ ගොවිපොලවල්වල සේවය කරන කම්කරුවන් එක්වයි මෙම උද්ඝෝෂණය සිදු කරනු ලැබුවේ.

උද්ඝෝෂණයට සමගාමිව නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයට (21) දින නුවරඑලිය ප්‍රදේශයේ එලවළු වගා කරන ගොවියන් එලවළු තොග ලබා නොදිම නිසා නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයද වසා දැමිමට එහි පාලන අධිකාරියට සිදු විය.

නුවරඑලිය ගාමිණි ජාතික පාසල ඉදිරිපිටින් ගොවින් උද්ඝෝෂණය ආරම්භ කර ප්‍රධාන මාර්ගය දිගේ පෙලපාලියකින් පැමිණ ගොවින් නගර මධ්‍යයේ උද්ඝෝෂණයක නිරත විය.

මහ කන්නය සදහා අවශ්‍ය රසායනික පොහොර සාධාරණ මිලට කඩිනමින් ලබාදිම, ගොවින්ගේ වගාවට අවශ්‍ය පලිබෝධ නාශක, දියර පොහොර, බිරජ ඇට, දිලිර නාශක වර්ග හිගයකින් තොරව සාධාරණ මිලට ලබාදිම, ගොවි උපකරණ සාධාරණ මිලට ලබාදිම ඇතුළු ඉල්ලිම් අටක් මුල් කර ගනිමින් නුවරඑලිය ප්‍රදේශයේ ගොවි සංවිධාන සමාජිකයන් ඇතුළු පිරිස උද්ඝෝෂණයේ නිරත වුයේ.

මෙම ගැටළුවලට සතියක් ඇතුලත විසදුමක් නොලද හොත් දැනට තම ගොවිපොලවල්වල වගා කර ඇති නිසරු එලවළු වගාව වෙළදපොලට නිකුත් කිරිම සම්පුර්ණයෙන්ම අත්හිට වන බවට නුවරඑලිය ප්‍රදේශයේ ගොවින් තමන් වෙත දැනුම් දි ඇති බවයි සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.

නුවරඑලිය ප්‍රදේශයේ ගොවින් වගා කරන උඩරට එලවළු (21) දින වෙලදපොලට නිකුත් නොකිරිම නිසා වෙලදපොලේ උඩරට සහ පහතරට එලවළු තොග සහ සිල්ලර මිල වෙනදාට වඩා වැඩි වි ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *