ලොව ඉහළම වායු දූෂණය පකිස්ථානයේ ලාහෝර් නුවරින් – ස්විට්සර්ලන්තයේ IQAir තාක්ෂණ සමාගම

ලොව ඉහළම වායු දූෂණය පකිස්ථානයේ ලාහෝර් නුවරින් - ස්විට්සර්ලන්තයේ අයි කිව් එයාර් තාක්ෂණ සමාගම

ලොව ඉහළම වායු දූෂණය පකිස්ථානයේ ලාහෝර් නුවරින් - ස්විට්සර්ලන්තයේ අයි කිව් එයාර් තාක්ෂණ සමාගම

ලොව ඉහළම වායු දූෂණය පකිස්ථානයේ ලාහෝර් නුවරින් වාර්තා වන බව ස්විට්සර්ලන්තයේ IQAir තාක්ෂණ සමාගම නිකුත් කළ නවතම වාර්තාවකින් හෙළි කර තිබෙනවා.

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර මෙන්ම පකිස්ථානයේ පංජාබ් ප්‍රාන්තයේ ලාහෝර් නුවරද වායු දූෂණය ඉතා ඉහළ මට්ටමකට ළගා වී ඇති බව වාතයේ ගුණාත්මකභාවය පිළිබද විමසිල්ලෙන් පසුවන ස්විට්සර්ලන්තයේ අයි කිව් එයාර් තාක්ෂණ සමාගම නිකුත් කළ වාර්තාවකින් පෙන්වා දී තිබෙනවා.

වාතය දූෂණය වී ඇතැයි පැවසෙන්නේ එහි ගුණාත්මකභාවය 300යේ සීමාව ඉක්මවා යාමේදීයි. මේ වන විට ලාහෝර් නුවර වාතාශ්‍රයේ ගුණාත්මකභාවය පවතින්නේ 348ක් ලෙසින්.

වායු දූෂණය සම්බන්ධයෙන් නිවැරදි දත්ත ඉදිරිපත්කරන තාක්ෂණික සමාගමක් ලෙස අයි කිව් එයාර් තාක්ෂණ සමාගම ලොව පිළිගැනීමට ලක්ව තිබෙනවා.
එයාර් විෂුවල් මෘදුකාංගය භාවිතයට ගනිමින් එම සමාගම වාතයේ ගුණාත්මකභාවය පිළිබද මැන බැලීම සිදු කරනවා. එමෙන්ම කාලගුණික විද්‍යාඥයින්ගෙන් මෙන්ම කාලගුණ විද්‍යා චන්ද්‍රිකාවලින්ද ලබා ගන්නා දත්ත පාදක කරගනිමින් ඔවුන් තම නිගමනයන්ට එළඹීම විශේෂත්වයක්.

සීත කාලගුණය හේතුවෙන් ලාහෝර් වැසියන් ගිනි මැළ දල්වමින් උණුසුම ලබාගැනීමට උත්සාහ කිරීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව පවසනවා.
ගිනි මැළ දැල්වීමේදී වාතයට එක්වන දුම දීර්ඝ කාලයක් රැදී පැවතීම හේතුවෙන් වායු දූෂණය ඉහළ ගොස් ඇති බවයි අයි කිව් එයාර් තාක්ෂණ සමාගම් වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ.

මේ වන විට ලාහෝර් වැසියන් විශාල සංඛ්‍යාවක් ශ්වසන අපහසුතා සහ ශ්වසන රෝගවලින් පීඩාවට පත්ව රෝහල්ගත කර ඇති බවයි පැවසෙන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *