වසර 15කට පසු ඇමසන් හි ඉහළම වන විනාශය වාර්තා වේ

වසර 15කට පසු ඇමසන් හි ඉහළම වන විනාශය වාර්තා වේ

වසර 15කට පසු ඇමසන් හි ඉහළම වන විනාශය වාර්තා වේ

ලොව විශාලතම වැසි වනාන්තරය වන ඇමසන් හි විනාශය වසර 15කට පසු ඉහළම අගය වාර්තා කරනවා.

බ්‍රසීල අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය චන්ද්‍රිකා ඡායාරූප උපයෝගී කර ගනිමින් ප්‍රකාශ කරන්නේ ඇමසන් වනාන්තරයේ විනාශය වසරක් පාසා සියයට 22 කින් ඉහළ යන බවයි. පසුගිය වසර තුළ ඇමසන් හි වර්ග කිලෝමීටර 13225ක් අහිමි වී ඇති අතර එය 2006 වසරෙන් පසු වාර්තා වූ ඉහළම අගය ලෙස සටහන් වනවා.

ඇමසන් වනාන්තරය සත්ව සහ ශාක විශේෂ මිලියන 3කට ආසන්න සංඛ්‍යාවකට නිවහන වන අතර එහි වෙසෙන ගෝත්‍රික ජනතාව මිලියනයකට ආසන්නයි. ඇමසන් හි වැඩි කොටසක් බ්‍රසීල ජනාධිපති බොල්සොනාරෝගේ පාලන සමය තුළ විනාශයට පත්වී ඇති බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

එහි කෘෂිකාර්මික කටයුතු හා පතල් කැණීම් කටයුතු දිරිගැන්වීම මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *