බඩු මිල ඉහල යන එක මට අදාල නැහැ, ඒක වෙළඳ ඇමතිතුමාගෙන් තමයි අහන්න ඕන – චමල් රාජපක්ෂ

වෙළඳ පොළ තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ජනතාවට දරාගත නොහැකි ආකාරයෙන් ඉහළ යෑම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු චමල් රාජපක්ෂ වාරිමාර්ග ඇමතිවරයාගෙන්
විමසූ අවස්ථාවේදී ‘ඒක මම දන්නේ නෑ.. වෙළඳ ඇමතිතුමාගෙන තමයි අහන්න ඕනෑ” යනුවෙන් පවසා තිබේ.

කිසියම් උත්සව අවස්ථාවකින් අනතුරුව මාධ්‍යවේදියෙකු චමල් රාජපක්ෂ ඇමතිවරයාගෙන් විමසන්නේ මිල පාලනය ඉවත් කිරීමත් සමග පෞද්ගලික වෙළඳුන් විශාල ලෙස පාරිභෝගික භාණ්ඩවල මිල වෙනස් කර ඇති බවත් සතොසට යන අයට පමණක් සහනදායී මිලට ලැබෙන බවත් නැවතත් මිල පාලනයකට යනවාද යනුවෙනි.

චමල් රාජපක්ෂ ඇමතිවරයා පිළිතුරු දෙමින් ” ඒක මම දන්නේ නෑ. මගේ විෂයක් නෙවෙයිනේ. වෙළඳ ඇමතිතුමාත් එක්ක සාකච්ඡා කරන්න ඕන. නැත්නම් අපිට ඔය විදියට යනවා නම් යන්න වෙයි අර පැරණි සමූපකාර ක්‍රමයට. කූපන් ක්‍රමයකට. අඩු ආදායම්ලාභීන්ට යම් සහනයක් දිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය පියවර ගත යුතුව තිබෙනවා.” යනුවෙන් පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *