අවදානම් කලාපවල පවුල් 15, 000ක්; මේ දක්වා ආරක්ෂිත ස්ථානවල පදිංචිකර ඇත්තේ පවුල් 3000ක් පමණයි

අවදානම් කලාපවල පවුල් 15, 000ක්; මේ දක්වා ආරක්ෂිත ස්ථානවල පදිංචිකර ඇත්තේ පවුල් 3000ක් පමණයි

අවදානම් කලාපවල පවුල් 15, 000ක්; මේ දක්වා ආරක්ෂිත ස්ථානවල පදිංචිකර ඇත්තේ පවුල් 3000ක් පමණයි

අවදානම් කලාපවල පදිංචිව සිටින බවට හඳුනා ගෙන ඇති පවුල් 12, 000ක් කඩිනමින් ආරක්ෂිත ස්ථානවල නැවත පදිංචි කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ, අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවන්ට ලක්වූ ජනතාවට සහන සැලසීම පිළිබඳව පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 02 පැවැති සාකච්ඡාවකට එක්වෙමින්. විපතට පත්වූවන් සඳහා සහන සැලසීම හා වන්දි ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරි සැලසුම් පිළිබඳව අග්‍රාමාත්‍යවරයා කරුණු විමසා තිබෙනවා.

පවතින වසංගත තත්ත්වය හේතුවෙන් කඳවුරුවල රඳවා ගැනීමකින් තොරව ආපදාවට ලක්වූ පුද්ගලයින් 31,475 දෙනෙක් දැනටමත් ඔවුන්ගේම ඥාති හිත මිතුරන්ගේ නිවෙස්වල රඳවා සිටින බව මෙහි දී අනාවරණය විය. හදිසි ආපදාවන්ට ලක්වූවන්ට සහන සැලසීම සඳහා රජය දිස්ත්‍රික් 21ක් සඳහා දැනටමත් රුපියල් මිලියනය බැගින් මුදල් ලබා දී ඇති අතර, මූලික වන්දි ලබාදීම ද ප්‍රමාදයකින් තොරව අවසන් කර තිබෙනවා.

දීර්ඝ කාලයක පටන් අවදානම් කලාපවල පවුල් 15, 000ක් පමණ පදිංචිව සිටින බව හඳුනාගෙන ඇතත් මේ දක්වා එම ස්ථානවලින් ඉවත්කර ආරක්ෂිත ස්ථානවල පදිංචිකර ඇත්තේ පවුල් 3000ක් පමණක් බවද මෙහිදී අනාවරණය වූනා. ඒ අනුව අවදානම් කලාපවල තව දුරටත් ජීවත්වන පවුල් 12,000 කඩිනමින් ආරක්ෂිත ස්ථානවල නැවත පදිංචි කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබෙනවා.

අවදානම් තත්ත්වය හඳුනාගනිමින් ඒ අනුව ප්‍රමුඛතාව දෙමින් එම ජනතාව අවදානමෙන් මුදා ගැනීමට සැලසුම් කරන ලෙසද මෙහිදී දැනුම් දී ඇති බව සඳහන්. නැවත පදිංචි කිරීම් සඳහා ඉඩම් අත්පත්කර ගැනීමේ දී ඇති වන ගැටලු සම්බන්ධයෙන් මෙහි දී චමල් රාජපක්ෂ අමාත්‍යවරයා සිය අවධානය යොමු කර තිබෙනවා. ඊට විසඳුමක් ලෙස අදාල අමාත්‍යාංශ ඒකාබද්ධව එම ගැටලු නිරාකරණය කිරීමටද තීරණය කර ඇති බව සඳහන්.

අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් පස්කඳු කඩාවැටීම, දැඩි සුළං, ගං වතුර, ක්ෂණික ගං වතුර හා අකුණු අනතුරුවලින් මේ දක්වා දිස්ත්‍රික් 21ක පුද්ගලයින් 26 දෙනෙක් මියගොස් 262,831ක් ආපදාවට ලක්ව තිබෙනවා.

බදුල්ල, මහනුවර, රත්නපුර, කෑගල්ල, නුවරඑළිය, අනුරාධපුරය, කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්කවල පවතින නායයෑම් හා ජල ගැලීම් නිරන්තරයෙන් සිදුවන බැවින් ඒ තුළින් සිදුවන අවදානම් අවම කිරීමට නිෂ්චිත පිළියම් යෙදීමට ද මෙහිදී අවධානයට යොමු වී තිබෙනවා.

දේශගුණ විපර්යාස බලපෑමට ලක්ව සිදුවන ආපදා තත්ත්වයන් දිගු කාලයක සිට හඳුනාගෙන ඇති බැවින් ඒ ඒ ප්‍රදේශවලට ගැලපෙන නිෂ්චිත පිළියම් යෙදීම සුදුසු බව අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දී ඇති බව සඳහන්.

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාවෙන් වසා දැමීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කෙරුණා.

පවතින තත්ත්වයට විසඳුමක් ලෙස එම ස්ථානයේ එක් මං තීරුවක් වාහන ධාවනයට විවෘත කිරීමට අවධානය යොමු කරන ලෙසත් එසේ නොමැති නම් දැනට හඳුනාගෙන තිබෙන විකල්ප මාර්ගය කඩිනමින් සංවර්ධනය කරන ලෙසත් මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අග්‍රාමාත්‍යවරයා විසින් උපදෙස් දී තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *