බඳවාගැනීමේ තරඟ විභාගයක ප්‍රශ්න පත්‍ර පිටවීමක් ගැන ශානක්කියන්ගෙන් අනාවරණයක්

උපකාර කිරීමට ඩයස්පෝරා ප්‍රජාව සූදානමි; සියලු පාර්ශ්වවලට පිළිගත හැකි වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නේ නම් ආණ්ඩුවට සහයෝගය දෙනවා - ෂානක්කියන්

උපකාර කිරීමට ඩයස්පෝරා ප්‍රජාව සූදානමි; සියලු පාර්ශ්වවලට පිළිගත හැකි වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නේ නම් ආණ්ඩුවට සහයෝගය දෙනවා - ෂානක්කියන්

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ඉකුත් 14 වෙනිදා පැවැත්වූ එල්.එල්.බී (LLB) නීති උපාධිය සඳහා බඳවාගැනීමේ තරඟ විභාගයේ බුද්ධි පරීක්ෂණ (IQ) සහ භාෂාව ප්‍රශ්නපත්‍ර කලින් පිටවී ඇති බවත් ප්‍රමුඛ නම් ආයතනයක් ඒවා කලින්ම ලබාදී ඇති බවත් දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියන් රාසමාණික්කම් මහතා පාර්ලිමේන්තුවේදී (15) පැවසීය.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස තමා අධිකරණ සහ අධ්‍යාපන ඇමැතිවරුන්ගෙන් ඉල්ලීමක් කරන බවද හෙතෙම සඳහන් කළේය. ඔහු මෙසේ පැවසුවේ අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට සහභාගී වෙමිනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *