තනතුර දීලා මගේ කට වහන්න බෑ, බැසිල්ගේ මේක පතෝල අයවැයක් – මුරුත්තෙට්ටුවේ හිමිගෙන් ප්‍රහාරයක් !

තනතුරු ලබාදී තමන්ගේ කට වැසීමට කිසිවෙකුටත් නොහැකි බවත් මේ අයවැයෙන් සාමාන්‍ය දුගී දුප්පත් ජනතාවට ලැබුණු කිසිවක්ම නොමැති බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා වශයෙන් පත්කර සිටින මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්, සිය විහාරස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශකර සිටියේය

“අයවැයෙන් වැඩි කරන්නවත් අඩු කරන්නවත් දෙයක් තිබුණෙ නෑ. එදාවේල හොයාගෙන කන ජනතාවට මොකක්ද ලැබුණ සහනය ? කොටින්ම කියනවා නම් පතෝල අයවැයක් බවට තමයි මේක පත්වෙලා තියෙන්නෙ. මේ මන්ත්‍රීවරුන්ට ගම සමග පිළිසඳර කතා කරන්න යන්න අවස්ථාවක් ලැබෙයිද, ජනතාව මොවුන්ට ගහලා එළවයිද කියන එක තමයි අපට තියෙන සැකය”

ප්‍රශ්නය – ඔබවහන්සේට තනතුරක් ලැබිලා තියෙන මොහොතක මේ ආකාරයෙන් රජය විවේචනය කිරීම ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද ?

“තනතුර නෙවෙයි අපේ මහත්තයෝ මුළු ලංකාවම මට බාරදෙනවා කිව්වොත් කවුරුහරි, ඒත් මගේ කටවහන්න කිසිකෙනෙක්ට බෑ”

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *