භාණ්ඩ හා සේවා 622ක් මත බදු; අයවැයෙන් හෙළි නොවූ කරුණු ජනතාවට තේරෙයි – වසන්ත සමරසිංහ

මධ්‍යම අධිවේගී මාර්ගයේ රු කෝටි 16,440ක මූල්‍ය අක‍්‍රමිකතාව සාක්‍ෂි සහිතවයි ප‍්‍රකාශ කළේ - වසන්ත සමරසිංහ

මධ්‍යම අධිවේගී මාර්ගයේ රු කෝටි 16,440ක මූල්‍ය අක‍්‍රමිකතාව සාක්‍ෂි සහිතවයි ප‍්‍රකාශ කළේ - වසන්ත සමරසිංහ

මෙවර අයවැයෙන් බදු ආදායම වැඩි කර ගන්නා ආකාරය පිළිබද රට හමුවට ඉදිරිපත් කර ඇත්තේ කොටසක් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එම පක්‍ෂයේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ (14) පැවති මාධ්‍ය හමුවකදී කියාසිටියේ ආණ්ඩුව අය-වැය ඉදිරිපත් කිරීමේදී හීන් සීරුවේ ජනතා පොරොන්දුවලට පයින් ගසා භාණ්ඩ හා සේවා 622ක් මත බදු පනවා ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ චෝදනා කරයි. අයවැය යෝජනාවලින් හෙළි නොවූ කරුණු මෙම වසර අවසානය වන විට ජනතාවට දැනෙනු ඇති බවද වසන්ත සමරසිංහ මහතා මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියා.

සමරසිංහ මහතා පැවසුවේ බඩු මිල වැඩිවීමට, ගෑස් හිඟකමට සහ පොහොර ප්‍රශ්නය ඇතුළු බොහෝ ගැටලු වෙනුවෙන් ජනතාව පාරට බැසීම නවත්වාලීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසරය ගන්නා ලෙස වෘත්තීය සමිතිවලට කොන්දේසි පනවා ඇති බවය.

ඒ අනුව, යම් වෘත්තීය ක්‍රියා මාර්ගයක් ගන්නේ නම් ඊට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලිඛිතව අවසරයක් ලබාගත යුතු බවත් මෙය පැහැදිලිව උද්ඝෝෂණ මර්දනය කිරීමට ආණ්ඩුව ඇට වූ උපක්‍රමයක් බවත් සමරසිංහ මහතා පෙන්වා දෙයි.

කෙසේ නමුත්, ජනතාව මහ පාරේ සිටින ආකාරය ආණ්ඩුවට බරක් සේ සලකා එය මර්දනය කිරීමට යන්නේ නම් ඉදිරියේදී සියලු ජනතාව එකට පෙළ ගැසී ආණ්ඩුවට එරෙහි ක්‍රියාමාර්ග ගනු ඇතැයි ද සමරසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *