ලබන මස සිට දිවයින පුරා එළවලු හිඟයක් – ආර්ථික මධ්‍යස්ථානයෙන් අනතුරු හඟවයි

පවතින අයහපත් කාලගුණ තත්වයත් පොහොර හිඟයත් හේතුවෙන් දෙසැම්බර් මාසය වනවිට දිවයින පුරා එළවලු හිඟයක් ඇතිවිය හැකි බව ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානවල තොග වෙළඳුන් පවසනවා.

පෑලියගොඩ මැනිං වෙළඳපොලට දෛනිකව ලැබෙන එළවලු ප්‍රමාණය මේ බව 60%කින් පහළ බැස ඇති අතර නුවර එළිය ආර්ථික මධ්‍යස්ථානයට දෛනිකව ලැබෙන එළවලු ප්‍රමාණය ද 50%කින් අඩුවී තිබෙනවා.

කැප්පෙටිපොල තොග ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවලු සැපයුම් 80%කින් පමණ පහළ බැස ඇති අතර තඹුත්තේගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවලු ප්‍රමාණය ද 75%කින් අඩුවී ඇති බවයි එහි වෙළඳ සංගමය පවසන්නේ.

සාමාන්‍යයෙන් වසර අවසානයේ දක්නට නොවූ විරූ මට්ටමකින් මෙවර එළවලු ලැබීම විශාල වශයෙන් අඩුවී ඇති අතර එම තත්වය ඉදිරියටත් පැවතුණහොත් දිවයින පුරාම එළවලු හිඟයක් වෙළඳපොලේ ඇතිවිය හැකි බවට ආර්ථික මධ්‍යස්ථානවල වෙළඳ සංගම් අනතුරු හඟවනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *