යුද සමයේ දී වළ දැමූ රත්‍රං සෙවූ 06 දෙනෙකු අත්අඩංගුව

යුද සමයේ වළ දමා ඇති රත්‍රං සෙවීමේ අරමුණින් කැනීම් කළ බව කියන සැකකරුවන් 06 දෙනෙකු මන්නාරම, ඕලුතුඩුවාව රක්ෂිතයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, මන්නාරම පොලීසිය හා 54 වන බලසේනා කඳවුරේ නිලධාරින් පිරිසක් කළ ඒකාබද්ධව කළ වැටලීමකදී ය.

සැකකරුවන් පැමිණි මෝටර් රථයක් , විදුලි ජනක යන්ත්‍රයක් , කැනීම් සඳහා උපයෝගී කරගත් උපකරණ කිහිපයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

අවුරුදු 26ත් 60ත් අතර වයස්වල පසුවන සැකකරුවන් හෙට්ටිමුල්ල, කොටියාකුඹුර, පානදුර, බොරලන්ද හා හල්පේ ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

ඔවුන් අද(14) මන්නාරම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *