ප්‍රවීන සංගීතවේදී ලක්ෂ්මන් විජේසේකර දිවියෙන් සමුගනියි

දශක හතරකට අධික කාලයක් තිස්සේ මෙරට සංගීත ක්ෂේත්‍රයට සුවිශේෂී නිර්මාණ රැසක් බිහිකළ සංගීතවේදියකු, ගායන සහ රංගන ශිල්පියෙකු මෙන්ම වෙ‍ළඳ දැන්වීම් අධ්‍යෂකවරයෙකු වන ලක්ෂමන් විජේසේකර ඊයේ දින අභාවප්‍රාප්ත වී තිබෙනවා.

දිගු කලක් තිස්සේ අසනීප තත්වයේ පසු වූ ඔහු මියයන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිට ඇත.

මියයන විට ඔහු 73 හැවිරිදි වියේ පසුවිය.

ලක්ෂමන් විජේසේකර විසින් ගැයු බාල ළමාවරුනේ, දැල් වු පහන්, ඇති දේ ඇති සැටියෙන්, සිනා පිපෙනා, සඳ පානෙ වැලිතලාවෙ සුර , ඔබ මට තරුවකි, දෑත දෙපාලන, සුපෙම් හැඟුම්, මේ ප්‍රේම සීමා මාලකේ, සඳ කිණිති නැමී ආදි ගීත රසිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වූ ගීත ලෙස සැලකිය හැකි ය.

එසේම, විලම්බීත (ටී.බී. ඉලංගරත්න), දඟයන්ට පමණයි (ළමා), ටිකිරි සහ උංගි යන ටෙලිනාට්‍යවල ඔහු සංගීත අධ්‍යක්ෂණය කළේය.

අභාවප්‍රාප්ත සංගීතවේදී ලක්ෂමන් විජේසේකරගේ දේහය මහජන ගෞරවය උදෙසා හෙට (13) දින ගල්කිස්ස කලාපුරයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කෙරෙන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු ඉරිදා (14) ගල්කිස්ස පොදු සුසාන භුමියේ දී සිදු කිරීමට නියමිත ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *