සියළු ප්‍රජා පීඩනයන්ට එරෙහිව අරගල කරන සමස්ථ මානව ක්‍රියාකාරීන් වෙනුවෙන් උපහාරයක් – “JAI BHIM”

සියළු ප්‍රජා පීඩනයන්ට එරෙහිව පීඩිතයාගේ පාර්ශවයේ සිටගෙන අරගල කල සහ කරමින් සිටින සමස්ථ මානව ක්‍රියාකාරීන් වෙනුවෙන් උපහාරයක් - " JAI BHIM "

සියළු ප්‍රජා පීඩනයන්ට එරෙහිව පීඩිතයාගේ පාර්ශවයේ සිටගෙන අරගල කල සහ කරමින් සිටින සමස්ථ මානව ක්‍රියාකාරීන් වෙනුවෙන් උපහාරයක් - " JAI BHIM "

1987 ඉන්දු – ලංකා ගිවිසුමත් එක්ක ඇතිවුණු ආණ්ඩු විරෝධී කලබගෑනී හේතුවෙන් විශාල පිරිසක් මහ මග ඝාතනය වෙනවා. තවත් සිය දහස් ගණනක් රජයේ නිල ලත් සහ නිල නොලත් මිලිටරි කල්ලි විසින් පැහැර ගන්නවා.

එසේ පැහැර ගැනීමට ලක්වුනු වින්දිතයන් වෙනුවෙන් මානව හිමිකම් සංවිධාන සහ සිවිල් ක්‍රියාකාරීන් විසින් අධිකරණයේ නඩු පැවරුවා ඒ කාලේ.
ඒ නඩු වලින් 90% කට වඩා වැඩි ප්‍රමාණයක පැමිණිලි පාර්ශවය වෙනුවෙන් පෙනී හිටියේ නීතිඥ විජේදාස ලියනාරච්චි, නීතිඥ චරිත ලංකාපුර, නීතීඥ කාංචන අබේපාල වැනි තරුණ නීතිවේදීන් කිහිප දෙනෙක්.

මේ සියළු දෙනාගෙම ජ්‍යේෂ්ඨ නීතිඥයෙක් වශයෙන් කටයුතු කරමින් මේ අධිකරණ කටයුතු වලට ඔවුන්ට මග පෙන්නුවේ කලක් හබරාදූව ආසනය නියෝජනය කරමින් ශ්‍රි ලංකා කොමියුනිස්ට් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පත් වී සිටි ප්‍රින්ස් ගුණසේකර මහතා.

අවසානයේ නීති විරෝධී පුද්ගල පැහැර ගැනීම් වලට එරෙහිව මහජනයාගේ මානව හිමිකම් වෙනුවෙන් අධිකරණය ඉදිරියේ කරුණු පෙල ගස්වපු නීතිඥ චරිත ලංකාපුර සහ කාංචන අබේපාල රජයේ නිල නොවන මිලිටරි කල්ලියක් වුන ” ප්‍රා ” සංවිධානය විසින් ඝාතනය කරනවා.
නීතිඥ විජේදාස ලියනාරච්චි අධිකරණ කටයුතු හමාර වී එලියට එන විට ගංගොඩවිලදී තංගල්ලෙන් පැමිණි පොලිස් අධිකාරී කරවිටගේ ධර්මදාසගේ නායකත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් විසින් පැහැර ගන්නවා. තංගල්ලට ගෙන ගොස් ඉල ඇට බිදෙන තුරු පහර දෙන විජේදාස නැවත කොලඹට ගෙන එන්නේ ශ්‍රි ලංකා නීතිඥ සංගමය විසින් තම සංගමයේ සාමාජිකයෙකු පැහැර ගැනීමට එරෙහිව දැවැන්ත විරෝධයක් රජයට එල්ල කිරීම හේතුවෙන්.
තංගල්ලෙන් සපුගස්කන්දට ගෙන ආ විජේදාස පසුව කොලඹ මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය යනවා.

මේ සියළු කණිෂ්ඨ නීතිඥයන්ට උපදෙස් දෙමින් මහජනයාගේ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් රාජ්‍යය ත්‍රස්තවාදයට එරෙහිව අරගල කල ප්‍රින්ස් ගුණසේකර මහතා ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් මහා බ්‍රිතාන්‍යය මහකොමසාරිස් කාර්‍යාලය බලා යනවා.
එතැනින් මහකොමසාරිස් කාර්‍යාලයේ අධීක්ෂණය යටතේ එංගලන්තයට පිටත් කල ඔහු මෑත කාලයේ මිය යනතෙක්ම ජීවත් වුනේ එහියි.

ත්‍රාඩ යුගයකය පුරවැසියන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කල නීතිවේදීන්ට පවා අත්වුනේ එවැනි ඉරණමක්.
මනුෂ්‍ය සමාජයක් තිරිසනුන්ගෙන් වෙනස් වෙන්නේ දෙපයින් යන උන්ට වඩා දියුණු තාක්ෂණික මෙවලම් භාවිතා කිරීම නිසාම නෙවෙයි.
සියළු දෙනාම පොදු නීතියක් ඉදිරියේ සමාන අයිතිවාසිකම් ඇති වුන් සේ සැලකීම සහ ඊට අනුව ක්‍රියාත්මක වීම දියුණු සමාජයකට අත්‍යවශ්‍ය ලක්ෂණයක්.
තිරිසනුන් අතර එම ලක්ෂණය නෑ.
බලවතා විසින් දුබලයා සිතැගි පරිදි ගොදුරු කර ගන්නේ නම් එය තිරිසන් සමාජ සංස්ථාවක්.

1993 වසරේ තමිල්නාඩු මහාධිකරණය විසින් පුරවැසි අයිතිවාසිකම් හෝ හිමි නොවූ පහත් යැයි සම්මත පීඩිත කුලයක පුද්ගලයෙකු වූ රාජකන්නු නැමැත්තා පොලිස් අත්තඩංගුවේදී මිය යෑම සම්බන්ධයෙන් ලබා දුන් ඓතිහාසික නඩු තීන්දුවක් පාදක කොටගෙන නිර්මාණයවූ ” JAI BHIM ” චිත්‍රපටය තුලින් එහි නිර්මාපකයා සමාජය වෙත යලි යලිත් කියා පාන්නේ එම කතාවයි.

තමිල්නාඩුවේ විසූ තරුණ මාක්ස්වාදී නීතිවේදියෙකු වූ “K Chandru” මෙම නඩුවේ පැමිණිලි පාර්ශවය වෙනුවෙන් පොලිසියට එරෙහිව පෙනී සිටියා…
කොමියුනිස්ට් ව්‍යාපාරයෙන් පන්නරය ලැබූවෙකු මෙන්ම හෙතෙම ඉන්දීය ව්‍යවස්ථාව නිර්මාණය කරමින් සියළු ජන වර්ග නීතිය ඉදිරියේ සමාන කල පීඩිත දලිත් ජනයා වෙනුවෙන් අප්‍රමාණ සේවයක් කල මහාචාර්‍ය අම්බෙඩ්කාර්ගේ අනුගාමිකයෙක්.

පසුකාලීනව තමිල්නාඩුව විසින් බිහි කල ශ්‍රේෂ්ඨ ඉන්දීය රාෂ්ඨ්‍රපතිවරයෙකු වූ මහාචාර්‍ය අබ්දුල් කලාම් විසින් මෙම නීතිවේදියා විනිසුරුවරයෙකු ලෙසට උසස් කලා.

ජන වර්ගයෙන්, අධ්‍යාපනයෙන් හෝ ධනයෙන් පහලට වැටී උප්පත්තිය ලැබීම සමාජයේ අනෙකුන්ගෙන් පීඩාවට ලක්වීමට සුදුසුකමක් නොවෙයි.

සියළු ප්‍රජා පීඩනයන්ට එරෙහිව පීඩිතයාගේ පාර්ශවයේ සිටගෙන අරගල කල සහ කරමින් සිටින සමස්ථ මානව ක්‍රියාකාරීන් වෙනුවෙන් මෙම චිත්‍රපටිය උපහාරයක්.!

සූර්‍යා සිය සිනමා දිවියේ ලබන ඉහලම සම්මානය මේ හරහා ලබා ගත්තත් මම පුදුම වෙන්නේ නෑ.

කණගාටුවට කරුන නම් ඉන්දීය ජනතාව සැබෑ ජීවිතයේ සහ සිනමාව තුලින්ද ප්‍රජා පීඩකයන්ට එරෙහිව පියවර ඉදිරියට තබන අතර ලංකාව තුල බොහෝ ප්‍රජා පීඩක පොලිස් නිලධාරීන් විශ්‍රාම ගොස් සැපසේ ජීවිත ගත කිරීමයි.
වෙනකක් තබා නීතිඥ විජේදාස ලියනාරච්චි ඇතුළු සිය ගණනක් මිනිස් ජීවිත ඝාතනය කල කරවිටගේ ධර්මදාසට පවා ලැබුණු දඩුවම වූයේ වැඩ තහනම් කිරීමක් පමණක් බව ඇසුවොත් ඔබ පුදුම වෙනවාද?

අගුලාන පොලිසිය තුල සිදුවූ ඝාතන, ඇඹිලිපිටියේ පොලිස් ඝාතනයේ සිට පසුගිය දිනක නැගෙනහිර පලාතේ තරුණයෙකුට කන පැලෙන්න අත දිගහැර සිදුකරන පොලිස් පහර දීම ආදී සියළු සිදුවීම් හරහා තවමත් අපි සමාජයක් ලෙස සිටින තැන ප්‍රශ්න කෙරෙනවා නොවේද?

-From FB

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *