ජනපති සංචාරක කර්මාන්තයේ බොරැ සංඛ්‍යා දත්ත ද ඉදිරිපත් කරයි

ජනාධිපති ගෝටාබය රාජපක්ෂ සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් විකෘති සංඛ්‍යා දත්ත ඉදිරිපත් කර ඇති බව මහ බැංකු වාර්තාවෙන් අනාවරණය වේ.

මාර්ග 1500ක් විවෘත කිරීමේ උත්සවයේදී ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරමින් ඔහු අදහස් දැක්වූ අතර එහිදී ගොවිජනතාවට ප්‍රහාර එල්ලකරමින් සංචාරක කර්මාන්තයේ ඇති වටිනාකම පිළිබඳව කරුණු දක්වා තිබිණි. එම කර්මාන්තයෙන් වසරකට ඩොලර් බිලියන 05ක ආදායමක් ලැබුණු බවත් එම කර්මාන්තයෙන් මිලියන 03ක පිරිසක් යැපුණු බවත් ඔහු එහිදී ප්‍රකාශ කළේය. කොවිඩ් වසංගතය නිසා මෙම සමස්ත කර්මාන්තය තර්ජනයට ලක් වී ඇති බවද ප්‍රකාශ කර තිබිණි.

කෙසේ වුවද මෙරටට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ තිබූ 2018 වර්ශයේදී උපයා තිබුණු සමස්ත විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් කෝටි 438ක් විය. එය ගෝටාබය රාජපක්ෂ ඉදිරිපත් කළ සංඛ්‍යාවට වඩා ඩොලර් කෝටි 62ක අඩු අගයකි. එසේම සංචාරක කර්මාන්තය ආශ්‍රිතව වැඩිම සේවා නියුක්තියක් පැවති 2019දී සෘජු රැකියා 173,592ක් සහ වක්‍ර රැකියා 229,015ක් තිබී ඇත. මේ අනුව ඒ ආශ්‍රිත සමස්ත රැකියා ප්‍රමාණය 402,507ක් වී තිබිණි. ඔවුන්ගෙන් යැපෙන්නන් පිළිබඳව සලකා බැලූවද එම සංඛ්‍යාව උපරිම වශයෙන් ලක්ෂ 17ක් පමණය.

මේ අනුව ගෝටාබය රාජපක්ෂ සංචාරක කර්මාන්තයෙන් යැපෙන්නන් ලක්ෂ 30ක් සිටින බව ප්‍රකාශ කිරීම රජයේ නිල සංඛ්‍යා ලේඛනවලින් දැක්වෙන අගයන්ම විකෘති කිරීමකි.

-Lankatruth

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *