යුධ හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකාය නිෂ්පාදනය කර ඇති කාබනික පොහොර ටොන් 25,000ක් විනාශ වෙයි

ශ්‍රී ලංකා යුධ හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකාය නිෂ්පාදනය කරන ලද කාබනික පොහොර විශාල තොගයක් සම්බන්ධයෙන් ලක් පොහොර සමාගම නිකුත් කර තිබෙන ප්‍රමිති වාර්තාවක් තුළින් බරපතල ගැටලු ගණනාවක් මතු වී තිබෙන අතර එම පොහොර තොගය විනාශ වීමට ලක්වී ඇති බව අනාවරණය වේ.

යුධ හමුදාපතිවරයාගේ නියෝග අනුව කාබනික පොහොර මෙට්‍රික් ටොන් 25,000ක් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් පසුගිය මාස 05කට අධික කාලයක් තුළ ක්‍රියාත්මක කර තිබේ. මුලදී මෙසේ නිෂ්පාදනය කරන පොහොර රජයේ ලක් පොහොර සමාගම මගින් මිලදී ගෙන බෙදා හැරීමට සැලසුම් කර තිබිණි. නමුත් පොහොර නිෂ්පාදනය කිරීමෙන් පසුව ප්‍රමිති සහතිකය ලබා ගැනීමේදී රජයේ ගන්නොරුව පර්යේෂණ ආයතනය සහ තවත් ආයතන කිහිපයකට යොමු කර ඇත. එසේම ලක්පොහොර සමාගමද සිදු කළ සාම්පල් පරීක්ෂණවලදී රජයේ අනිකුත් පර්යේෂණ ආයතනවලට වඩා ලබා දී ඇති සහතිකයට වඩා පරස් පර සහතිකයක් මෙම සමාගම විසින් අදාළ පොහොර සාම්පලය සම්බන්ධයෙන් ලබාදී ඇත.

එම සමාගම විසින් ලබා දී ඇති නිරීක්ෂණ අනුව 49%ක් වැලි තිබෙන බව දක්වා තිබේ. නමුත් අනිකුත් කිසිදු ආයතනයකින් නිකුත් කළ පර්යේෂණ ප්‍රතිඵලවල මෙවැනි තත්වයක් වාර්තා නොමැති බව හෙළි වේ. යුධ හමුදා ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට අදාල පොහොර සාම්පලවල වැලි ප්‍රමාණය 49%ක් අඩුඟු වීමේ කිසිදු හැකියාවක් නැති බවය. මෙම සමාගමට නැවත සාම්පලයක් පරීක්ෂා කරන ලෙස ඉල්ලා තිබුණත් ඒ සම්බන්ධයෙන් මාසයකට ආසන්න කාලයක් තුළ කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති බව අනාවරණය වේ.

මෙම තත්වය තුළ යුද හමුදාව විසින් නිෂ්පාදනය කළ කාබනික පොහොර තොගය ලබා නොගෙන විදේශයන්ගෙන් ආනයන කිරීමේ ජාවාරමක් පවතින්නේදැයි හමුදා ඉහළ නිලයන් ඇතුළු සියලු දෙනාට බලවත් සැකයක් මතුවී තිබෙන බව හෙළි වේ.

Lanka Truth ඇසුරෙන්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *