ඉන්දීය රජයෙන් පිරිනැමෙන ඉහළම සම්මානයක් වන ‘පද්ම ශ්‍රී සම්මාන’ ලාංකීය කාන්තාවන් දෙදෙනකුට

ඉන්දීය රජයෙන් පිරිනැමෙන ඉහළම සිවිල් සම්මානයක් වන ‘පද්ම ශ්‍රී සම්මාන’ 2020 වසර සඳහා ශ්‍රී ලාංකීය කාන්තාවන් දෙදෙනකුට

ඉන්දීය රජයෙන් පිරිනැමෙන ඉහළම සිවිල් සම්මානයක් වන ‘පද්ම ශ්‍රී සම්මාන’ 2020 වසර සඳහා ශ්‍රී ලාංකීය කාන්තාවන් දෙදෙනකුට

ඉන්දීය රජයෙන් පිරිනැමෙන ඉහළම සිවිල් සම්මානයක් වන ‘පද්ම ශ්‍රී සම්මාන’ 2020 වසර සඳහා ප්‍රදානය ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා අතින් නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන් හිදී ඉකුත් (8) සිදුකෙරුණු අතර ශ්‍රී ලාංකීය කාන්තාවන් දෙදෙනකු එහිදී එම සම්මානයෙන් පිදුම් ලැබීය.

කලා ක්‍ෂේත්‍රය වෙනුවෙන් කළ මෙහෙවර උදෙසා, නර්තන ශිල්පිනී ආචාර්ය වජිර චිත්‍රසේන සහ සාහිත්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයට ලබාදුන් ඇයගේ දායකත්වය වෙනුවෙන් මහාචාර්ය ඉන්ද්‍රා දසනායක (මරණින් පසු) යන මහත්මීහු මෙම සම්මානයෙන් පිදුම් ලැබූහ.

2020 වසරේ සම්මානලාභීන් වෙනුවෙන් මෙම සම්මාන ප්‍රදානෝත්සවය පැවති අතර කොවිඩ්-19 වසංගතය හේතුවෙන් එය මෙසේ කල්ගොස් පැවැත්වීමට සිදුව තිබිණි.

ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය ශ්‍රී ලාංකේය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනයාම උදෙසා විසල් මෙහෙවරක් ඉටුකළ අග්‍රගන්‍ය නර්තන ශිල්පිනියක වන අතර මහාචාර්ය ඉන්ද්‍රා දසනායක මහත්මිය හින්දි භාෂාව ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කිරීමට මහඟු මෙහෙවරක් ඉටුකළ අයෙකි. අභාවප්‍රාප්ත මහාචාර්ය ඉන්ද්‍රා දසනායක මහත්මිය වෙනුවෙන් එම සම්මානය ලබාගැනීමට ඇගේ දියණිය වන වත්සලා දසනායක ඉෂ්ටවීර මහත්මිය ඔස්ටේ්‍රලියාවේ සිට ඉන්දියාවට පැමිණ සිටි අතර ඇය ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා අතින් තම මවට හිමි සම්මානය ලබාගත්තාය. ඒ ඉන්දීය උප ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ද ඉදිරියේය.

පද්ම සම්මානය යනු ජනවාරි 26 වැනිදාට යෙදෙන ඉන්දීය ජනරජ දිනයේදී වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන ඉන්දියාවේ ඉහළම සිවිල් ගෞරව වලින් එකකි.
විෂය ක්ෂේත්‍රවල විශිෂ්ට සේවාවක් ඉටුකළ හෝ ජයග්‍රහණ ලැබූවන් ඇගයීම මෙහිදී සිදුකෙරේ. මීට පෙර පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේවයන් ද 2002 වසරේදී පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *