”එක රටක් – එක නීතියක්” වෙනුවෙන් නව සාමාජිකයින් තිදෙනෙක්, දෙන්නෙක් අයින් වෙයි

”එක රටක් - එක නීතියක්” වෙනුවෙන් නව සාමාජිකයින් තිදෙනෙක්, දෙන්නෙක් අයින් වෙයි

”එක රටක් - එක නීතියක්” වෙනුවෙන් නව සාමාජිකයින් තිදෙනෙක්, දෙන්නෙක් අයින් වෙයි

”එක රටක් – එක නීතියක්” ජනාධිපති කාර්යසාධක බළකාය සඳහා නව සාමාජිකයින් තිදෙනෙකු පත්කර තිබෙනවා.

ඒ අනුව, නව සාමාජිකයින් ලෙස රාමලිංගම් චක්‍රවර්තී කරුණාකරන්, අයියාම්පිල්ලෙයි දයානන්ද රාජා සහ යෝගේෂ්වරී පද්ගුණරාජා පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මීට පෙර එහි සාමාජිකයින් ලෙස කටයුතු කළ මහාචාර්ය දයානන්ද බණ්ඩා සහ කථිකාචාර්ය මොහොමඩ් ඉන්ටිකාබ් එම කාර්ය සාධක බළකායෙන් ඉවත් වුණා. නව සමාජිකයින් තිදෙනා සමග ජනාධිපති කාර්ය සාධක බළකායේ සංයුතිය සාමාජිකයින් 14 දෙනෙකු දක්වා ඉහළ ගියා.

එමෙන්ම කාර්ය සාධක බළකාය සඳහා පවරා ඇති කාර්යයන් ද සංශෝධනයට ලක්කරමින් ඊට අදාළ ගැසට් නිවේදනයක්ද ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර විසින් නිකුත්කරනු ලැබ තිබෙනවා.

එක රටක් එක නීතියක් සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා විවිධ පාර්ශව දරන අදහස් හා මතවාද සැලකිල්ලට ගෙන එය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මෙරටට ආවේණික වූ සංකල්පමය රාමුවක් සකස් කිරීමට යෝජනා ඉදිරිපත් කිරීම පමණක් මෙම කාර්ය සාධක බළකායට පැවරී ඇති කාර්යයන් වනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *