Type to search

(VIDEO) අපටත් වෙන ගමනක් ගැන කල්පනා කරන්න වෙනවා, පොහොට්ටුව අපව සලකන්නේ නෑ – තිස්ස විතාරණ

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය තමන් ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 නොසලකා කටයුතු කරන බැවින් එම තත්වය වෙනස් නොවන්නේ නම් තමන්ටත් වෙනත් ගමනක් ගැන කල්පනා කිරීමට සිදුවනු ඇති බව ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා පෙරේදා දින (06) බණ්ඩාරවෙල ප්‍රදේශයේ පැවති ලංකා සම සමාජ පක්ෂයේ මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කර සිට්යේය.

“කණගාටුයි කියන්න, අපිව සලකන්නෙ නෑ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය. දැන් උදාහරණයක් හැටියට අගෝස්තු මැතිවරණයෙන් පසුව මේ එකම වරක් අපිව පක්ෂ නායකයින් කැඳවලා අගමැතිතුමා හෝ ජනාධිපතිතුමා තිබ්බෙ නෑ. කැපිලි දේශපාලනයක් කරන නිසා අර සහාය දුන්න දේශපාලන පක්ෂවල නායකයින් සියල්ල 11 දෙනෙක් දැන් එකතුවෙලා සති දෙකකට වරක් රැස්වෙලා අපි ජනතාවගේ ප්‍රශ්න ගැන කතාකරලා ඒ වෙනුවෙන් පුළුවන් දෙයක් කරන්න දැන් කටයුතු කරගෙන යනවා. ඒ බලපෑම අනුව ආණ්ඩුව කටයුතු කළෝතින් එහෙනම් ජනතාවගේ ප්‍රශ්න විසඳන්න පුළුවන් වෙයි. නමුත් ඒක කෙරුවේ නැත්නම් එහෙනම් අපට වෙන ගමනක් ගැන කල්පනා කරන්න වෙයි”

 

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *