ඩොලර් නැති නිසා ආණ්ඩුවත් දැන් වලිගය නැති ගොනා වගේ- උදය ගම්මන්පිල

නොරොච්චෝලේ අනිවාර්ය නඩත්තුවක් හේතුවෙන් මාස දෙකකට වසා දැමීමට තීරණයක්

නොරොච්චෝලේ අනිවාර්ය නඩත්තුවක් හේතුවෙන් මාස දෙකකට වසා දැමීමට තීරණයක්

මිල පාලනයක් පවත්වාගත නොහැකි තත්ත්වයකට මේ වන විට ආණ්ඩුව පත්ව ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.(09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පවතින ඩොලර් අර්බුදය ඊට හේතු වී ඇති බවය.

“මේ ඩොලර් නැති හින්දා තමයි ගෑස්, කිරිපිටි, සිමෙන්ති හිඟය ඇති වෙන්නේ ආණ්ඩුවට මිල පාලනය පවත්වාගෙන යන්න බැරි වෙලා තියෙනවා. එතකොට ඩොලර් හිඟයෙන් ඩොලර් දුප්පත්කමෙන් ආණ්ඩුව පෙළීම නිසා ආණ්ඩුව ත් දැන් වලිගය නැති ගොනා වැනී,” යනුවෙන් ඔහු සඳහන් කළේය.

මෙහිදී ඉන්ධන මිල සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ප්‍රශ්නයක් යොමු කළේය. ඊට පිළිතුරු ලබා දෙමින් උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.

“මේ අයවැය මාසේ ඉන්ධන මිල තීරණය කිරීම ගරු මුදල් ඇමතිතුමාට භාරයි. තෙල් සංස්ථාවට සහනාධාරයක් දෙනවා ද? එහෙම නැත්නම් ඉන්ධන මිල වැඩි කරනවා ද? එහෙමත් නැත්නම් ඉන්ධන මත තිබෙන බදු අඩු කරනවා ද? කියන එක තීරණය කිරීම මුදල් අමාත්‍යතුමා විසින් ප්‍රකාශ කරාවි.”

ඔහු සඳහන් කළේ, මේ වන විට රටේ භුමිතෙල් ඉල්ලුම දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවය.

දෛනිකව භූමිතෙල් මෙට්‍රික් ටොන් 550ක් අලෙවි වන බවත් භූමිතෙල් විකිණීමෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දිනකදී රුපියල් මිලියන 23ක පාඩුවක් දරන බවත් උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

“පසුගිය නොවැම්බර් 3වනදා විදුලි වැඩ වර්ජනයක් හේතුවෙන් රටේ විදුලිය ඇණහිටලා අඳුරට යනවාය කියලා කටකතාවක් පැතිරුණා. ඒ නිසා ආරක්ෂාකාරී පියවරට රටේ හැමෝම භූමිතෙල් මිල දී ගන්න පෙළඹුණා. ඉතා ම සුළු පිරිසක් මිල දී ගනිමින් සිටි ඉන්ධන වර්ගයක් වන භූමිතෙල් හදිසියේ සමස්ත ජාතියම මිල දී ගන්න පෙළඹුණු නිසා තමයි ක්ෂණික භූමිතෙල් හිඟයක් ඇති වුණේ,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *